SKIP TO MAIN CONTENT

පාපන්දු පිටියම හඬවමින් වසර 60 කට පසුව ඉතාලිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට.

Italy failed to qualify world cup 2018.
Source: Getty Images Europe

1 min read

Published

By Madhura Seneviratne

Source: FIFA



Skip to article content

වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ.

ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගය ගෝල 0-0 ක් ලෙසින් අවසන් වීමත් සමග ස්වීඩන් කණ්ඩායම 2018 දී රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේ ඉතාලිය ට එම අවස්තාව අහිමි කරමින්ය.

ලෝක කුසලාන පාපන්දු තරග ආරම්භ වූ 1930 තරගාවලියේදී සහ 1958 දී හැරෙන්නට අන් සියලුම අවස්ථාවන්හිදී ඉතාලිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කර තිබේ.

1934, 1938, 1982 සහ 2006 වසර වලදී ඉතාලිය පාපන්දු ලෝක කුසලානය ජයගැනීමට සමත් විය.

පසුගිය සඳුදා (13/11) රාත්‍රියේ මිලාන් නුවරදීම ස්වීඩන් පිලට එරෙහිව පැවැති තරගය ජයගත නොහැකි වීමෙන් පසුව කඳුළු පිරි දෙනෙතින් ක්‍රීඩාංගණයෙන් පිටව ගිය ඉතාලි පාපන්දු නායක ගියන්ලුයිජි බෆන් අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත්තේය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now