2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය : ප්‍රසිද්ධියට වඩා මව් සෙනෙහස අගය කළ මොහොතක්..

Marta Kostyuk hugs her mother after her match

Source: Twitter

2018 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන දිනය වන ඊයේ (17/01) දිනයේදී Grand Slam ශූරතාවක තුන්වන වටය සඳහා වසර 20 කට පසුව ලාබාලතම ටෙනිස් ක්‍රීඩිකාවක් ලෙස සුදුසුකම් ලැබීමට යුක්රේනයේ 15 හැවිරිදි Marta Kostyuk සමත් විය.

මෙය ඊයේ දිනයේ මෙල්බන් පාර්ක් ටෙනිස් පිටියේ සුවිශේෂීම සිදුවීම වූ අතර මීට පෙර මෙම දස්කම පා ඇත්තේ ලොව බිහිවූ සුපිරි ටෙනිස් තරුවක් වන Martina Hingis විසිනි. ඒ 1997 වසරේදීය.

Marta ගේ ජයග්‍රහනයෙන් පසුව බොහෝ ටෙනිස් ක්‍රීඩා ලෝලීන් සහ මාධ්‍යවේදීන් ඇයත් සමග කතා කිරීමට සහ ඇගේ ඡායාරූප ගැනීමට පැමිණි අවස්තාවේදී ඇය ඔවුන්ට "සමාවෙන්න" යයි පවසා තමාගේ මව සොයාගෙන ගොස් ඇයව වැළඳගෙන ජයග්‍රහණයේ සතුට භුක්ති වින්දාය.

මෙය ඉතා හැඟුම්බර මොහොතක් ලෙස වාර්තා විය.

Marta Kostyuk gave a hug to her mom after her match
Source: Twitter

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now