ඕස්ට්‍රේලියා - ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරඟ මාලාවේ සෑම තරඟයක් සඳහාම SBS වෙතින් නොමිලේ ප්‍රවේශපත්‍ර දිනා ගන්න

ඔබ කැමති ඕස්ට්‍රේලියා කණ්ඩායමටද? ඉන්දීය කණ්ඩායමටද? එහෙම නම් ඔබ කැමති කණ්ඩාමට පිටියේ සිටම ඔල්වරසන් දෙන්න ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරඟය සඳහා SBS වෙතින් ප්‍රවේශපත්‍ර දෙකක් දිනා ගැනීමට ඔබට අවස්ථාව මෙයයි.

Border Gavaskar Trophy ticket giveaway

Indian fans enjoying outside the Sydney Cricket Ground Credit: Deeju Sivadas/SBS Malayalam

ඕස්ට්‍රේලියාවේ විවිද ප්‍රාන්ත වලදී පැවැත්වෙන ටෙස්ට් තරඟ 5 කින් සමන්විත Border-Gavaskar series, ටෙස්ට් තරඟාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවට පැමිණෙනවා.

SBS මාධ්‍ය ආයතනය , ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතන සමඟ සහයෝගීතාවයෙන්, තරඟාවලියේ ටෙස්ට් තරඟ පහම සහ කාන්තා එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා දෙනවා.

හොඳම ක්‍රිකට් ඇඳුමින් සැරසුණු ඡායාරුප එවා නොමිලේ ටිකට් පත් දිනා ගන්න

නොවැම්බර් 22 වැනිදා බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර, පර්ත් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ තරඟ නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර දෙකක් ඔබට දිනාගත හැකියි.

මෙම තරඟයට සහභාගී වීමට නම් ඔබ කල යුත්තේ මෙයයි,

ඔබ කෙදිනක හෝ ක්‍රිකට් තරඟයක් නැරඹීමට යනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් එකකින් හෝ වෙනත් ඕනෑම ආකාරයේ ක්‍රිකට් විලාසිතා වලින් ඔබ සැරසී සිටින ඡායාරූපයක් හෝ කෙටි වීඩියෝවක් එවීමෙන් තරඟයට සහභාගී වෙන්න පුළුවන්.

ඔබ හෝ ඔබගේ මිතුරු පිරිස් ඇතුලත් චාරරුප හෝ වීඩියෝ පටි එවන්න පුළුවන්. ඒ වගේම වචන 25කින් හෝ ඊට අඩුවෙන්, එම තරඟයේදී ඔබගේ වඩාත්ම සිත් ගත් මතකය විස්තර කරන්නත් ඕනා.

වඩාත්ම ආකර්ෂණශීලි හෝ නිර්මාණාත්මක චයාරුපය හෝ වීඩියෝ පටය සඳහා නොමිලේ ප්‍රවේශපත්‍ර හිමිවේ.

2024 නොවැම්බර් 17 ඉරිදා රාත්‍රී 11:59 ට පෙර ඔබේ ඔබේ ඡායාරූපය හෝ වීඩියෝව, ඔබගේ විස්තර ද ඇතුලත් කොට cricket@sbs.com.au වෙත ඊමේල් කරන්න.
Cricket Aus fans.jpg
Australian fans outside a cricket stadium Credit: Deeju Sivadas/SBS Malayalam

ඔබගේ නම, ලිපිනය, උපන් දිනය, දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ඇතුළත් කිරීමට අමතක නොකරන්න.

මෙම තරඟය ඕස්ට්‍රේලියාවේ සිටින වයස අවුරුදු 18 ට වැඩි සියලුම වයස්වල පුද්ගලයින් සඳහා විවෘතයි. වයස අවුරුදු 18 ට අඩු ඉදිරිපත් වන්නන් වෙනුවෙන්, මාපියෙකු හෝ භාරකරුවෙකු විසින් අදාළ යොමුකිරීම් ඉදිරිපත් කළ යුතු බව කරුණාවෙන් සලකන්න.

AUS vs IND දෙවන ටෙස්ට් තරඟයේ දීත් යලිත් නොමිලේ ප්‍රවේශපත්‍ර

ඕස්ට්‍රේලියා - ඉන්දියා දෙවන ටෙස්ට් තරඟය දෙසැම්බර් 6 දා සිට 10 වනදා දක්වා ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගන යේදී පැවැත්වේ. එම තරඟය නැරඹීම සඳහාද තවත් ප්‍රවේශ පත්‍ර දෙකක් ඔබට යලිත් දිනා ගත හැකියි.

ඒ තරඟයට ඇතුල් වෙන්න මොනවද කරන්න ඕන කියා අපි ලබන සඳුදා, නොවැම්බර් 18 වන දා SBS සිංහල සජීවී ගුවන්විදුලි වැඩසටහනේදී සහ SBS සිංහල Facebook හරහා ඔබට කියන්නම්.

The full terms and conditions of the competition are available here.


Share

2 min read

Published

Updated

By SBS Sinhala, Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

ඕස්ට්‍රේලියා - ඉන්දියා ටෙස්ට් ක්‍රිකට් තරඟ මාලාවේ සෑම තරඟයක් සඳහාම SBS වෙතින් නොමිලේ ප්‍රවේශපත්‍ර දිනා ගන්න | SBS Sinhala