Highlights
- National Drowning Report පවසන දෙය
- බහු සංස්කෘතික ප්‍රජාවන් දියේ ගිලීමේ වැඩි අවදානමක් පැවතීමට හේතු
- දියේ ගිලීමේ අවදානම පවතින ස්ථාන
- "පිහිනීම" අත්‍යවශ්‍ය ජීවන කුසලතාවකි
- පිහිනුම් ඉගෙනීම සඳහා යොමු වන්න
National Drowning Report පවසන දෙය
ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා පැමිණීමේදී පිහිනීමට ඉගෙනීම ප්‍රමුඛතාවයක් වශයෙන් නොපෙනේ. නමුත් බහු සංස්කෘතික ප්‍රජාවන්හි දියේ ගිලීමේ සංඛ්‍යාව භයානක ලෙස ඉහළ මට්ටමක පවතින අතර ජල ආශ්‍රිත ආරක්ෂාව සම්බන්ධයෙන් වන දැනුම ඉතා දුර්වල මට්ටමක පවතී.
ඕස්ට්‍රේලියාවේ Royal Life Saving Society මගින් සෑම වසරකම සිදු කරන National Drowning Report හි මෙම දත්ත ඇතුලත් වේ.
Life Saving Victoria හි Michael Masseni, Diversity and Inclusion හි කළමනාකරු වශයෙන් සේවය කරයි.ඔහු සංස්කෘතිකමය වශයෙන් වෙනස් කණ්ඩායම් සඳහා පිහිනුම් වැඩසටහන් සිදු කරයි.
ඔහු පවසන්නේ පසුගිය වසර 10ක කාලය තුලදී සාමාන්‍යයෙන්,ඔස්ට්‍රේලියාව තුල සියලුම දියේ ගිලී මිය ගිය බවට වාර්තා වූ අයගෙන් 35% ක් විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි අය වන බවයි. ඔවුන් මෑතකදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර ඔවුන්ගේ දෙමාපියන් ඕස්ට්‍රේලියාවේ උපත ලබා නොමැත.
එමෙන්ම Michael පවසන්නේ දියේ ගිලී මියයන අයගෙන් 80% ක්ම පිරිමින් වන අතර, ඔවුන් වඩාත් අවදානම් සහිත හැසිරීමක් දක්වන බවයි.
පිරිමින් තම හැකියාව අධි තක්සේරු කිරීම සිදු කරන අතර, ක්‍රීඩාවක් වශයෙන් පිහිනීමට ප්‍රමුඛතාවයක් නොලබන රටවලින් කාන්තාවන් පැමිණෙන බවත් ඔහු පවසයි.

බහු සංස්කෘතික ප්‍රජාවන් දියේ ගිලීමේ වැඩි අවදානමක් පැවතීමට හේතු
ඕස්ට්‍රේලියාව තුල උපන් දරුවන්ට සාමාන්‍යයෙන් පාසල් පිහිනුම් වැඩසටහන් සඳහා ප්‍රවේශ වීමට හැකියාව පවතී. බොහෝ ඕස්ට්‍රේලියානුවන් වෙරළ තීරයේ ජීවත් වන අතර පිහිනුම් තටාක වෙතද ප්‍රවේශ වීමට ඔවුනට හැකියාව තිබේ.එමෙන්ම ඔවුන් ජලය ප්‍රයෝජනවත් දෙයක් මෙන්ම විනෝදාස්වාදය ලබාදෙන්නක් වශයෙන්ද සලකයි. මේ අතරම පිහිනීම යනු, ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික අනන්‍යතාවයේ කොටසක් වශයෙන්ද දැක්විය හැක.
නමුත් ඕස්ට්‍රේලියාවේ සිටින බහු සංස්කෘතික ප්‍රජාවන් තුල මෙය සැමවිටම සිදු නොවේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
Sophia, එරිත්‍රියාවේ හැදී වැඩුණු අතර සරණාගතයෙකු වශයෙන් කෙන්යාවට ගොස් තිබේ. ඇය ඕස්ට්‍රේලියාවට පැමිණෙන විට ඇයට පිහිනුම් හෝ ජල ආරක්ෂණ දැනුමක් තිබී නොමැත.
ඇය පවසන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර, දින දෙකක් හෝ තුනක් පමණක් පිහිනුම් තටාකයකට ගොස් ඇති බවයි.ඇය පිහිනීමට ඉතා උනන්දුවෙන් පසු වුවත්, ඒ හේතුවෙන් ඇයට පිහිනීම ඉගෙනීමට අවස්ථාවක් තිබී නොමැත.
Life Saving Victoria / Spectrum සහ Victoria විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රජා වැඩසටහනක සහාය ඇතිව, Sophia තරුණ වැඩිහිටියෙකු ලෙස පිහිනීමට ඉගෙන ගත් අතර ඇය මේ වනවිට දරුවන් හට පිහිනීම උගන්වයි.
ඇය පවසන්නේ සංක්‍රමණය වන අතරතුර මුහුදේදී බොහෝ පිරිසකගේ ජීවිත අහමි වූ බවට අසා ඇති අතර, පිහිණුම ඉගෙනීමෙන් පසු තමාට ජලය පිළිබඳව පැවති බිය පහව ගිය බවයි.

දියේ ගිලීමේ අවදානම පවතින ස්ථාන
මුහුද දෙසට ගලා යන ප්‍රබල ජල ධාරා, එසේත් නැතිනම් ‘rips’ වැනි අනතුරු හඳුනා ගැනීමට මිනිසුන් අසමත් වේ. මෙම rips වශයෙන් හඳුන්වන මුහුද දෙසට නැවත ගලා යන ප්‍රබල ජල ධාරා ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙරළ උවදුරුවලින් එකක් වේ. නමුත් වෙරළෙන් පිටතත් දියේ ගිලීම් අනතුරු බහුලව සිදු වේ.
පසුගිය වසරේදී මාරාන්තික දියේ ගිලී මිය යාම් රැසක් වාර්තා වූ අතර එමගින් 26% ක් ගඟක හෝ ඇළක සිදු වූ අනතුරු වශයෙන් වාර්තා වේ. 22% ක් වෙරළේ සහ 15% ක් සාගරයේ සිදුව ඇතැයි වාර්තා වේ.
AUSTSWIM හි අලෙවි කළමණාකාරු වන Jade Hanson පවසන්නේ බොහෝ අය ජලයේ ගැඹුර නොදැන යම් දුරකට පිහිනීම සිදු කරන බවයි. එමෙන්ම දුරස්ථ ප්‍රදේශ වල ගංගා ආශ්‍රිතව සුලු අධීක්ෂණයක් හෝ උපකාරයක් පැවතීම හේතුවෙන් දියේ ගිලී මිය යාමේ ඉහළ ප්‍රතිශතයක් දකින බවත් ඔහු පවසයි.

"පිහිනීම" අත්‍යවශ්‍ය ජීවන කුසලතාවකි
ආරක්ෂිතව පිහිනීම, මසුන් ඇල්ලීම, බෝට්ටු පැදීම සහ අනෙකුත් ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සහතික වීමට නම්, පිහිනුම් සහ ජල ආරක්ෂණ කුසලතා යන දෙකම අත්‍යවශ්‍ය වේ.
Michael පවසන්නේ හොඳ පිහිනුම් කුසලතා වර්ධනය කිරීම,ඕස්ට්‍රේලියානු ප්‍රජාවේ කොටසක් වීමට සහ ඕස්ට්‍රේලියානු ජීවිතයේ පොදු දේවල් සඳහා සහභාගී වීමට ඇති අවස්ථා විවෘත කරන බවයි.
පිහිනුම් ඉගෙනීම සඳහා යොමු වන්න
පිහිනීමට ඉගෙන ගැනීම සඳහා හොඳම ස්ථානය පිහිනුම් තටාකයයි. Jade පවසන්නේ AUSTSWIM වෙබ් අඩවිය මගින් එම ආයතනය පිළිගත් පිහිනුම් මධ්‍යස්ථාන රැසක් සම්බන්ධයෙන් තොරතුරු සපයන බවයි.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ දරුවන්ට මාස හයේ සිට පිහිනුම් පාඩම් ලබා දීම සිදු කරයි. ඇතැම් මධ්‍යස්ථාන, විශේෂන්ම බහු සංස්කෘතික පසුබිම් සහිත පිරිසට පිහිනුම් පාඩම් ලබාදීම සිදු කරයි. එමෙන්ම මෙම පන්ති තනි පුද්ගලයින් හෝ කණ්ඩායම් වශයෙන් පැවැත්වේ.
සාමන්‍යයෙන් මේ සඳහා වන ගාස්තුව $19 සිට $26 ක් පමණ වන අතර ඔබ සහභාගී වන පන්ති සංක්‍යාව අනුව, ඔබට නොමිලේ හෝ සහනාධාර සහිත වැඩසටහන් සොයා ගැනීමට හැක. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබේ ප්‍රාදේශීය සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථානය (migrant resource centre) හෝ විශ්ව විද්‍යාලය මගින් විමසන්න.

බහු සංස්කෘතික පසුබිම් සහිත කණ්ඩායම්වල වැඩිහිටියන් ඇතුලුව හඳුනාගත් 'අවදානමක් සහිත' ප්‍රජා සඳහා Royal Life Saving මගින් වැඩසටහන් සඳහා අරමුදල් ලබාදේ.
English for Swimming යනු වැඩිහිටියන් සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති තවත් වැඩසටහනකි. Sydney හි Bankstown ප්‍රදේශයේ Navitas Skilled Futures මගින් මෙම වැඩසටහන ප්‍රථම වරට සංවර්ධනය කොට තිබේ.
Sydney පාදක කරගත්, වැඩිහිටියන් සඳහා පමණක් පිහිනීමට ඉගැන්වීමේ පාසලක් වන Different Strokes Swimming සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙමගින් මේ වනවිට බොහෝ සංක්‍රමණිකයන්ට සහ සරණාගතයින්ට නව නිපුණතාවයක් ලබා ගැනීමට උපකාර කරයි.
පිහිනීමට ඉගෙනීම සඳහා පළමු පියවර ලබා ගැනීමට AUSTSWIM හෝ Royal Life Saving Australia වෙත පිවිසෙන්න.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න

