සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ රඳවා ඇති තම භට කණ්ඩායම් ඉවත් කරගනු ලබන බව ඇමරිකාව නිවේදනය කරයි.
මේ තුලින් එම ප්‍රදේශයේ දැනට IS ත්‍රස්ත කණ්ඩායම් මර්දනයේ දී සිටින කුර්දි හමුදා කණ්ඩායම් වලට එරෙහිව තුර්කි හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම තුර්කියට ඉඩ සැලසෙනු ඇත.
කෙසේවෙතත් සිරියාවේ සිටින කුර්දි හමුදා කණ්ඩායම් වලට IS මර්දනය සඳහා ඇමරිකාවේ සහය ලැබුණු අතර කුර්දිවරුන් ඇමරිකාවට පක්ෂපාති කණ්ඩායමක් ලෙසින් සිරියාවේ IS ත්‍රස්ත මර්දන කටයුතු වලට සහය ලබාදුන්හ.
එහෙත් අසල්වාසී තුර්කිය පවසනුයේ කුර්දි සන්නද්ධ කණ්ඩායම් ත්‍රස්තවාදීන් බවයි.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකත සංවාදයක නියැලීමෙන් අනතුරුව තුර්කි ජනපති රිසෙප් ටයිප් අර්දොහාන් පැවසුයේ ඇමරිකාව දැනටමත් සිරියාවේ ඊසානදිග ප්‍රදේශයෙන් තම හමුදා කණ්ඩායම් ඉවත්කරගැනීම අරඹ ඇති බවයි.
ඇමරිකාවේ මෙම තීරණය " පිටුපස සිට පිහියෙන් ඇනීමක් " බඳු යයි මේ සම්බන්දව අදහස් දක්වන සිරියාවේ කුර්දි හමු කණ්ඩායම් පවසයි.
නිමාවක් නොදකින ලොව විහිලු සහගත යුධමය ක්‍රියාදාමයන්ගෙන් ඇමරිකාවට ඉවත් වීමේ කාලය එළඹ ඇතැයි මෙයට පිළිතුරු වශයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත්කර සිටි ජනපති ට්‍රම්ප් පවසා තිබේ.

