SKIP TO MAIN CONTENT

ශීත ඔලිම්පික් සමාප්ති උළෙලේ Ivanka Trump ගොළු වෙයි.

Winter Olympics closing ceremony
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

දකුණු කොරියාවේ පැවති ශීත ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය ඊයේ (25/02) දින පැවති අතර ඒ සඳහා ඇමෙරිකානු ජනාධිපති Donald Trump ගේ දියණිය සහ උපදේශිකාව වන Ivanka Trump  ද උතුරු කොරියාවේ හමුදා ප්‍රධානී Kim Yong-chol ද සහභාගී වී තිබුණි.

ඔවුන් අතට අත දීමක් සිදු කළ නමුත් ඔවුන් අතර කිසිඳු කතා බහක් ඇති නොවුණු බව ජාත්‍යනතර මාධ්‍ය වාර්තා කරයි.

Ivanka Trump  දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in ගේ බිරිඳ සමග ඉදිරි පෙළ අසුන් ගෙන තිබු අතර ඊට පසුපසින්  Kim Yong-chol අසුන් ගෙන සිටි බව වාර්තා වේ.

කෙසේවෙතත්, දකුණු කොරියාවේ පැවති ශීත ඔලිම්පික් උළෙල උතුරු සහ දකුණු කොරියාවේ ඇති විරසක බව දුරු කිරීමට සමත් වනු ඇතැයි දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in විශ්වාසය පළ කරයි.

Winter Olympics Closing Ceremony
Athletes of the joint team of North and South Korea march under a unify flag during a closing ceremony of the PyeongChang Winter Olympic Games Source: AP

ශීත ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහන

මෙවර ශීත ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 14 ක් රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනා ගනිමින් නොර්වේ රාජ්‍යය පළමු ස්ථානය හිමි කරගත් අතර රන් පදක්කම් 14 ක් රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 07 ක් දිනා ගනිමින් ජර්මනිය දෙවැනි ස්ථානයට පත් විය.

කැනඩාව රන් පදක්කම් 11 ක් රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනා ගනිමින් තුන්වන ස්ථානයට පත් විය.

Medal Table of Winter Olympics 2018
Source: SBS

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now