SKIP TO MAIN CONTENT

Jacinda Ardern දෙවැනි වරටත් නවසීලන්ත අගමැති ධුරයට

Labour Party leader and New Zealand Prime Minister Jacinda Ardern claims victory during the Labor Party Election Night Function in Auckland on  17 October.
Labour Party leader and New Zealand Prime Minister Jacinda Ardern claims victory during the Labor Party Election Night Function in Auckland on 17 October. Source: Getty Images AsiaPac

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය සෙනසුරාද (17/10) පැවති නවසීලන්ත මහ මැතිවරණයෙන් බලයේ සිටි අගමැතිනී Jacinda Ardern විශිෂ්ඨ ජයක් ලබා දෙවැනි වරටත් නවසීලන්ත අගමැති ධුරයට පත් වුවාය.

කම්කරු පක්ෂය නියෝජනය කරන Jacinda Ardern ඇතුළු සිය පක්ෂයට සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 50% ක් පමණ ලබාගැනීමට හැකිවී තිබේ.

1996 වසරේදී නවසීලන්ත මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමෙන් අනතුරුව පක්ෂයක් විසින් මහ මැතිවරණයකදී එම ආකාරයෙන් විශිෂ්ඨ ජයක් ලබාගත් ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ.

විපක්ෂය ලෙස කටයුතු කළ Nationals පක්ෂයට 26.5% ක ඡන්ද ප්‍රතිශතයකුත් ග්‍රීන්ස් පක්ෂයට 7.9% ක ඡන්ද ප්‍රතිශතයකුත් ලැබී ඇත.

කම්කරු පක්ෂයට ඉතිහාසයේ ලබා දුන් ඉහළම සහය මෙවර මැතිවරණයේදී සිය ඡන්ද දායකයින් ලබා දී ඇති බව නවසීලන්ත අගමැතිනී Jacinda Ardern පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now