මේ දිනවල එංගලනත්යේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඒකල තරගයෙන් ලොව වේගවත්ම මිනිසාව තුන්වන ස්ථානයට ඇද දැමීමට ඇමෙරිකාවේ කෙටි දුර ධාවන ශූරයින් වන Justin Gatlin සහ Christian Coleman ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් අද පෙරවරුවේ සමත් විය.
දෙවරක් තනහම් උත්තේජක වලට හසුවූ ඇමෙරිකාවේ Justin Gatlin එම තරගය තත්ත්පර 9.92 කින් නිමා කරමින් රන් පදක්කම දිනා ගත් අතර ඇමෙරිකාවේම Christian Coleman තත්ත්පර 9.94 කින් තරගය නිම කරමින් රිදී පදක්කම දිනා ගත්තේය.
නමුත් මෙතෙක් කලක් ලොව වේගවත්ම මිනිසා ලෙසට සම්මානයට බඳුන්වූ Usain Bolt හට මෙම තරගය නිමාවට පත් කිරීමට තත්ත්පර 9.95 ක් ගතවූ බැවින් ඔහුට ලෝකඩ පදක්කමින් සැහීමකට පත්වන්නට සිදුවිය.
ලෝක ශූර Usain Bolt ගේ අවසාන ඒකල මීටර් 100 තරගය ද මෙය වන බැවින් මෙම ප්‍රතිඵලය තවත් කැපී පෙනෙන එකක් බවට පත් විය.

