SKIP TO MAIN CONTENT

ටෙස්ට් කඩුලූ 600 ක් දවාගත් ලොව පළමු වේග පන්දු යවන්නා බවට එංගලන්තයේ James Anderson පත් වෙයි

James Anderson becomes the first seamer to 600 Test wickets
James Anderson becomes the first seamer to 600 Test wickets Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කඩුලූ 600 ක් දවාගත් ලොව පළමු වේග පන්දු යවන්නා ලෙස වාර්තා අතරට එක්වීමට එංගලන්ත කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සමත්ව තිබේ.

පසුගිය අඟහරුවාදා ( 25/08) නිමාවට පත්වුණු සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති තුන්වන හා අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ අවසන් දිනයයේදී පාකිස්ථාන කණ්ඩායමේ නායක අසාර් අලීගේ කඩුල්ල දවාගනිමින් මෙලෙස ජේම්ස් ඇන්ඩර්සන් හට ටෙස්ට් කඩුලූ 600 සීමාවට ළඟා වීමට හැකිව තිබේ.

ඒ අනුව ජේම්ස් ඇන්ඩර්සන් ලොව වැඩිම ටෙස්ට් කඩුලූලාභීන්ගේ ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ පසුවෙයි.

එසේම වේග පන්දු යවන්නෙකු ලෙසට ටෙස්ට් කඩුළු 600 සීමාව පසුකල පළමු ක්‍රීඩකයාද ඔහු වෙයි.

ටෙස්ට් කඩුලූ 800 ක් දවාගත් ශී‍්‍ර ලංකික ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලූ ලාභීන් අතර පළමුවන ස්ථානයේ රැඳි සිටී.

මේ අතර, එංගලන්තය සහ පාකිස්ථානය අතර පැවති තුන්වන හා අවසන් ටෙස්ට් තරඟය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now