SKIP TO MAIN CONTENT

ජනක බණ්ඩාර - ලොහාන් රත්වත්තේ ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් නෙරපයි.

Sri Lanka Politics
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ජ්‍යෙෂඨ උප සභාපතිවරයකු වන හිටපු  ඇමැති ජනක බණ්ඩාර  තෙන්නකෝන්  මහතා දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී  ලොහාන් රත්වත්ත මහතා පාතදුම්බර ආසන සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇති බව වාර්තා වේ.

පුරප්පාඩු වූ දඹුල්ල ආසනය සඳහා සම සංවිධායකවරුන් ලෙස පළාත් සභා මන්ත්‍රී  ඩබ්ලිව්.එම් යසමාන්න මහතා සහ දඹුල්ල වෙළඳ සංගමයේ  සභාපති යු.ආර්. දයානන්ද සිරි මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ සිටිති.

ලොහාන් රත්වත්ත මහතා ඉවත් කිරිමෙන් පුරප්පාඩු වු  පාතදුම්බර  ආසනයේ  නව සංවිධායක ලෙස පාතදුම්බර  ප්‍රාදේශිය සභාවේ  හිටපු  සභාපති ඩබ්ලිව්.එම්.සමරජීව බණ්ඩාර වෙලගෙදර  මහතා පත්කර ඇත.

ලොහාන්  රත්වත්තේ මහතා ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ  හිටපු  ජාතික සංවිධායක, හිටපු ඇමැතිවරයකු  වු අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකි. 

මහියංගනය ආසනයේ ශ්‍රී ලනිප සංවිධායක පළාත් සභා මන්ත්‍රී අනුර  විදානගමගේ මහතා  ඉන් ඉවත්කර  ඒ වෙනුවට  කේ.ජි.ගුණවර්ධන මහතා පත් කර ඇත.

ඔවුනට පත්වීම් ලිපි  ප්‍රදානය ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  අතින් ජනාධිපති  කාර්යාලයේ දී  අද (25/04) පිරිනැමිණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now