SKIP TO MAIN CONTENT

ජපානයේ Izumo යුධ නෞකාවත් පැසිෆික් සාගරයට මුදා හරී.

Japanese Izumo warship
Source: www.manilalivewire.com

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

බටහිර පැසිෆික් කලාපයට ඇදෙන ඇමෙරිකානු සැපයුම් නෞකාව සඳහා ආරක්ෂාව සැපයීමේ අරමුණින් ජපානයේ හෙලිකොප්ටර් ගෙනයන Izumo යුධ නෞකාව අද (01/05) දිනයේ දකණු ටෝකියෝ හි පිහිටි Yokosuka මව් වරායෙන් නික්මුණු බව ජපානයේ Asahi Shimbun daily සහ Jiji Press යන මාධ්‍ය ආයතන වාර්තා කරයි.

2015  වසරේදී  ජපන් අග්‍රාමාත්‍ය Shinzo Abe ජපානයේ යුද ශක්තිය වැඩි කිරීමෙන් අනතුරුව යුධ අභ්‍යාස සඳහා සහයවනවා හැරුණු කොට විදේශීය රටකට ආරක්ෂාව ලබා දීමට සිදු කළ පළමු යෙදවුම මෙය බවද වාර්තා වේ.

කෙසේනමුත්, එසේ සහයවීම පැසිෆික් කලාපය තුළ ජපානය ගෙන යන සාම වාදී ප්‍රතිපත්තියට විරුද්ධවන කරුණක් බවද වාර්තා වේ.

පැසිෆික් කලාපය තුළ රැදී සිටින ඇමෙරිකානු යුධ ප්‍රහාරක නෞකාව වන USS Carl Vinson ඇතුළු අනෙකුත් ඇමෙරිකානු නාවුක බල ඇණි වෙත සැපයුම් ලබා දීම මෙම ඇමෙරිකානු සැපයුම් නෞකාවේ ප්‍රධාන කාර්යය වේ.

කෙසේවෙතත්, ජපන් බලධාරීන් මේ පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තා වේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now