SKIP TO MAIN CONTENT

ජීවීන්ගේ මුලාරම්භය සොයන්න ඕස්ට්‍රේලියාවේ සිට ජපානයට ග්‍රහ වස්තු කැබැල්ලක්

Japan capsule
Members of JAXA retrieve a capsule dropped by Hayabusa2 in Woomera, southern Australia Source: JAXA via AAP

1 min read

Published

By Nipuna Dodangoda


Skip to article content

ජීවීන්ගේ මූලාරම්භය සහ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ සාක්ෂි පරීක්ෂා කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ සිට ග්‍රාහක කොටසක් ජපානයට රැගෙන යයි.

ජපාන අභ්‍යවකාශ ඒජන්සිය මගින් වසර 6ක කාලයක් සිදු කරන ලද පරීක්ෂණයක කොටසක් වශයෙන් මෙම ග්‍රහ වස්තු කොටස කැප්සියුලයක් ආධාරයෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ Woomera ප්‍රදේශයට ගොඩබස්වා ඇති අතර ඕස්ට්‍රේලියානු පරීක්ෂණ කණ්ඩායම් මගින් මෙම කැප්සියුලය නිරුපද්‍රිතව සොයාගෙන තිබේ.

Hayabusa2 යානය මගින් රැගෙන ආ මෙම කැප්සියුලයේ "Ryugu" නම් අභ්‍යවකාශ පර්වතයකින් ලබාගන්නා ලද ග්‍රාහක කොටස් අඩංගු වන අතර මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් අතිශය ආඩම්බරයට පත් වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ Masaki Fujimoto පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now