ජපාන මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තහවුරු කරගිනිමින් ජපාන අගමැති ෂින්සෝ අබේ නැවත වරක් ජපාන් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්ව තිබේ.
ව්‍යවස්ථා වෙනසකට සහ ජපානයේ ජාතික අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් ජනවරමක් අවශ්‍ය බව සඳහන් කරමින් ෂින්සෝ අබේ අගමැතිවරයා ඉකුත් සැප්තැම්බර් මාසයේදී හදිසි මැතිවරණයක් කැඳවූ අතර එහි ඡන්ද විමසීම පසුගිය ඉරිදා පැවැත්විණි.
මෙම මැතිවරණය නියමිත කාලයට වඩා වසර දෙකකට පෙරාතුව පැවැත්වුණු අතර සිය ආර්ථික ප‍්‍රතිපත්ති සඳහා වන ජනතා කැමැත්ත උරගා බැලීම එහි අරමුණ විය.
ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග වැදුණු ෂින්සෝ අබේ ගේ සහයට කොමෙල්ටෝ පක්ෂයද හවුල්වූ අතර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් එම පක්ෂ 2ට හිමි විය.
ජපාන පාර්ලිමේන්තුවේ සමස්ත ආසන 465 න් ආසන 283 ක් ඩිමොක්‍රටික් පක්ෂය විසින්ද ආසන 29 ක් කොමෙල්ටෝ පක්ෂය විසින්ද ජයගත් අතර ඔවුන් දිනාගත් මුළු ආසන සංඛ්‍යාව 312 කි.
උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අත්හදා බැලීම් වලින් සහ හිතුවක්කාරී යුධ අභ්‍යාස වලින් ජපන් වැසියන්ට එල්ල වන ආරක්ෂක අවදානම් තත්ත්ව වලින් ඔවුන්ව මුදවාගන්නා බවට ජපන් අගමැතිවරයා පොරොන්දු වී තිබේ.
SBS පුවත් ඇසුරෙනි

