එවරස්ට් කඳු මුදුණ තරණය කළ පළමු ලාංකිකයා ජයන්ති කුරු උතුම්පාලා

තම එවරස්ට් ගවේෂණ සහකරු යොහාන් සමග මෙම ඇති දුෂ්කර ගමන ආරම්භ කල ජයන්ති පසුගිය සෙනසුරාදා (මැයි 21දා) එවරස්ට් කදු මුදුන වෙත ලගා වෙමින් එම අභියෝගය ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වන්නට සමත් විය.

Jayanthi and Johann

Jayanthi and Johann Source: Facebook

පසුගියදා එවරස්ට් කඳු මුදුණ තරණය කිරීම ආරම්භ කල ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් වන ජයන්ති කුරු උතුම්පාල සහ යොහාන් පීරිස් යන දෙදෙනා අතරින් එවරස්ට් කඳු මුදුණ වෙත ලගා වන්නට ජයන්ති කුරු උතුම්පාල පසුගිය සෙනසුරාදා සමත් විය.  ඒ අනුව එවරස්ට් කඳු මුදුණ තරණය කළ පළමු ලාංකිකයා බවට පත් වන්නට  ජයන්ති කුරු උතුම්පාල සමත් විය.
 37 හැවිරිදි ජයන්ති මාධ්‍යවේදිනියක් වන අතර, කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාකාරිනියක් ලෙසද ප්‍රචලිතයි. ඇය  සහ ඇයගේ එවරස්ට් ගවේෂණ සහකරු යොහාන් පසුගිය අප්‍රේල් මාසයේ සිට එවරස්ට් කන්ද තරණය කිරීමේ පුහුණුවීම් වල නිරත වූ බව සදහන්. එවරස්ට් කඳු මුදුණ තරණය කළ පළමු කාන්තාව ලෙස වාර්තා අතරට එක්ව තිබෙන්නේ ජපන් ජාතික කාන්තාවක් වන Junko Tabei වන අතර ඇය එවරස්ට් තරණය කර තිබෙන්නේ 1975 වසරේදී බව සදහන්. එදා සිට අද දක්වා කාන්තාවන් 418 ක් එවරස්ට් කඳු මුදුණ වෙත ලඟා  වී ඇති අතර ජයන්ති මෙලෙස එවරස්ට් තරණය කල 419 වැනි කාන්තාව ලෙසට වාර්තා අතරට එක්වෙයි.

මේ අතර ඕස්ට්‍රේලියාවේ Alyssa Azar එවරස්ට් කඳු මුදුණ තරණය කළ ලාබාලතම ඕස්ට්‍රේලියානු ජාතිකයා බවට පත්වන්නට පසුගියදා සමත් විය. 19 හැවිරිදි Alyssa පසුගිය සෙනසුරාදා  එවරස්ට් කඳු මුදුණ වෙත ළඟා  වූ බව ඇයගේ  පිය විසින් ප්‍රකාශ කර තිබේ. එවරස්ට් තරණය කිරීම  දීර්ඝ කාලයක් තිස්සේ Alyssa ගේ සිහිනයක්ව පවතී බවත් ඇය  ඉතා ඉහල මානසික සහ කායික ශක්තියකින් යුතු අයෙක් බවත් ඇයගේ පවුලේ සාමාජිකයින් සදහන් කරයි.දැනට බ්‍රිස්බේන් හී ජිවත්වන   Alyssa මිට පෙර දෙවතාවක් එවරස්ට් කන්ද තරණය කිරීමට උත්සාහ ගෙන ඇති බව සදහන්. මිට පෙර 2014 වසරේ ඇය  එවරස්ට් තරණය කල අවස්ථාවේ හිම කන්දක් කඩා  වැටීමත් සමගින් sherpa වරුන් 16 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත් වීමත් සමග ඇයගේ උත්සහය අතරමග නතර කරන්නට ඇයට  සිදු විය. ඉන් අනතුරුව Alyssa නැවතත් 2015 වසරේදී එවරස්ට් තරණය කිරීමට උත්සහ කල අතර, 3218 දෙනෙකු ජිවිතක්ෂයට පත් කරමින් සිදුවූ භුමි කම්පාවක් හේතුවෙන් ඒ අවස්ථාවේද ඇයට  තම උත්සාහය ඇත හරින්නට සිදුවිය. කෙසේ වෙතත් මෙවර එවරස්ට් කදු මුදුන වෙත ලඟා වන්නට ඇය  සමත් වී ඇති අතර Alyssa පැපුවා නිව් ගිනියා හි  Kokoda Track නම් දුෂ්කර ප්‍රදේශය තරණය කරනවිට ඇයගේ වයස අවුරුදු 8ක් වූ බව සදහන්.

 

මේ අතර එවරස්ට්  තරණය කරමින් සිටි මෙල්බර්න් නුවර මොනෑෂ් විශ්වවිද්‍යාලයේ , කථිකාචාර්ය වරියක් වන ආචාර්ය Maria Strydom ගේ මරණය ගෙවී යන සතියේ වාර්තා වූ තවත් ශෝචනීය සිදුවීමක් වන අතර, altitude sickness නම් රෝගී තත්වය හේතුවෙන් ඇය  ජිවිතක්ෂයට පත් වී ඇති බව සදහන්.


Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service