SKIP TO MAIN CONTENT

Jetstar ගුවන් සේවය ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට නුදුරේදීම ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්.

Jetstar cancels more than 100 flights this weekend due to industrial actions.
Jetstar cancels more than 100 flights this weekend due to industrial actions. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ අඩු වියදම් ගුවන් සේවාවක් වන Jetstar ගුවන් සේවාව ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නුදුරේදීම සූදානම් වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් David Holly මහතා මේ බව පැවසූ බව ශ්‍රී ලංකාවේ Daily News පුවත් පත වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවාව වන Qantas සමාගමේ සම්පූර්ණ අයිතිය හිමි උප සමාගමක් ලෙස Jetstar ගුවන් සේවාව ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් මෙල්බර්න් - කොළඹ සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමත් සමග එය ඉමහත් ජනප්‍රියතාවට පත්ව ඇති බවත් එනිසාම සිඩ්නි නුවරට ද එම සේවාව ලබා දීමට ඔවුන් අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

පසුගිය ජුනි මාසයේ පමණක් ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවනින් පමණක් සංචාරකයින් 4,000 ක් පැමිණි බවද වාර්තා වේ.

Jetstar Airways to operate to Colombo soon
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now