SKIP TO MAIN CONTENT

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ ගුවන් නොවන කාර්ය මණ්ඩලය අදත් වැඩ වරති

Jetstar ground staff strike
Jetstar strike Source: Twitter

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ භූමියේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලය තම වැටුප් හා ආරක්‍ෂාව පිළිබඳව , කළමනාකාරිත්වය සමඟ පවතින ආරවුල හේතුවෙන් අද (19/12) දිනයේදී නැවත වෘතිය ක්‍රියා මාර්ගයකට අවතිර්ණ වීමට තීරණය කොට තිබේ.

ඒ අනුව , සිඩ්නි, මෙල්බර්න්, ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කෙයාන්ස් සහ ඇවලෝන් යන ගුවන්තොටුපලවල ගමන් මලු හසුරුවන්නන් සහ ඒ ආශ්‍රිත සේවයේ නියුතු කාර්ය මණ්ඩල අද දිනයේ විවිද වේලාවන් වලදී වැඩ වර්ජනයේ නිරත වේ.

ජෙට්ස්ටාර් සේවකයිනට වැඩි විවේකයක් ලබා දෙන ලෙසත්, සේවා මුර මාරුවීම් අතර පැය 12 ක විවේකයක්, සතියකට පැය 30 ක සහතිකයක් සහ සියයට හතරක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසත් ඔවුන් වෙනුවෙන් වන වෘතිය සංගමය වන ප්‍රවාහන සේවක සංගමය ඉල්ලා සිටී.

එම සංගමයේ ලේකම් මයිකල් කේන් පවසන්නේ ජෙට්ස්ටාර්හි කළමනාකාරිත්වය නැවත සාකච්ඡා මේසයට නොපැමිනෙන්නේ නම් වැඩ වර්ජන දිගටම සිදුවන බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now