SKIP TO MAIN CONTENT

Jetstar ගුවන් සේවයේ ගමන් මළු හසුරවන්නන් සහ ගුවන් නොවන කාර්ය මණ්ඩලය අද ඔස්ට්‍රේලියාව පුරා වැඩ වර්ජනයක

捷星擬修訂手提行李重量
捷星擬修訂手提行李重量。 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Jetstar ගුවන් සේවයේ ගමන් මළු හසුරවන්නන් සහ ගුවන් නොවන කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක යෙදීමට නියමිත බව වාර්තා වේ.

මීට පෙර Jetstar ගුවන් සේවයේ ගුවන් නියමුවන් පැය 4 ක වැඩ වර්ජනයක නිරත විය.

ඒ අනුව සිඩ්නි, මෙල්බර්න් Tullamarine සහ Avalon, බ්‍රිස්බේන්, කෙයාර්න්ස් සහ ඇඩිලේඩ් යන ගුවන් තොටුපොළ වල Jetstar ගුවන් සේවයේ ගමන් මළු හසුරවන්නන් සහ ගුවන් නොවන කාර්ය මණ්ඩලය අද දිනයේ (13/12) විවිධ වේලාවලදී තම රාජකාරී නවත්වා වැඩ වර්ජනයේ නිරත වීමට තීරණය කර ඇත.

Jetstar ගුවන් සේවයේ සේවකයින්ගේ වැටුප් වර්ධක ඉල්ලීම් සහ අවම සේවක පැය ගණන මෙන්ම ආරක්‍ෂිත රැකවරණ වැඩි දියුණු කිරීම සඳහා වූ ඉල්ලීම් පාලනාධිකාරිය ලබා නොදීම නිසා මෙම සේවක වර්ජනය සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

වාර්ෂිකව Jetstar ගුවන් සේවය ඩොලර් බිලියන 4 ක අදායමක් උපයන බවත් සේවකයින්ට අඩු වැටුප් ලබාදෙන බවත් වෘත්තීය සමිති චෝදනා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now