SKIP TO MAIN CONTENT

2020 ජනවාරියේ Jetstar ගුවන් ගමන් වලින් 10% ක් අවලංගු කෙරේ

Jetstar
Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

වැටුප් හා කොන්දේසි සම්බන්ධයෙන් වෘත්තීය සමිති දෙකක් සමඟ දිගටම සටන් කරන බැවින් ලබන ජනවාරි මාසය තුල තම දේශීය ගුවන් ගමන් වලින් සියයට 10 ක් අවලංගු කරනු ලබන බව ජෙට්ස්ටාර් ගුවන් සමගම පවසයි.

ප්‍රවාහන සේවක සංගමය සහ ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවන්ගේ සම්මේලනය යන වෘතීය සමිති නියෝජනය කරන කාර්ය මණ්ඩල පසුගිය සිකුරාදා වැටුප් වර්ධක සම්බන්ද වෘතීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කළ අතර සති අන්තයේ ද එය අඛණ්ඩවම පවත්වාගෙන යන ලදී.

ජෙට්ස්ටාර් සමාගමට අයත් ගමන් මලු හසුරුවන්නන් දෙසැම්බර් 19 වන බ්‍රහස්පතිදා නැවතත් වෘතිය ක්‍රියාමාර්ග ගනු ඇති අතර ගුවන් නියමුවන් දෙසැම්බර් 20 වනදා දක්වා තම සේවා අවම මට්ටමක පවත්වාගෙන යාමට තීරණය කොට තිබේ.

මෙම තත්වය මත ජනවාරි මාසයේ ගුවන් ගමන් කාලසටහන් කල්තියා අඩු කිරීමට සැලසුම් කොට ඇතැයි ජෙට්ස්ටාර් ගුවන් සමගම පවසයි. එමඟින් මගීන්ට සිදුවන බාධා අවම වන අතර ඔවුන්ට ගුවන් ගමන් නැවත සැලසුම් කිරීමට හෝ මුදල් ආපසු ලබා ගැනීමට හැකි වනු ඇති බව ද ජෙට්ස්ටාර් ගුවන් සමාගම වැඩිදුරටත් පවසා සිටී .


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now