SKIP TO MAIN CONTENT

සිල්රෙදි වන්දිය ගෙවන්න ඒකාබද්ධය මුදල් එකතු කරයි.

JO to collect donations to pay Sil Clothe Fine.
Source: JO

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

සිල් රෙදි නඩුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා වැරදිකරුවන් වී තුන් වසරක සිර ගතවීමකට ලක්වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් අධිකරණයෙන් නියම කළ රුපියල් මිලියන 50 ක වන්දිය ගෙවීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන බව වාර්තා වේ.

 

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් රුපියල් 100,000 ක මුදලක් ද, ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරයකුගෙන් රුපියල් 50,000 ක මුදලක්ද, පළාත් පාලන ආයතන සභිකයකුගෙන් රුපියල් 25,000ක මුදලක් ද එකතු කිරීමට නියමිත බව සඳහන්.

 

මීට අමතරව ස්ව කැමැත්තෙන් ලබා දෙන මුදල් පරිත්‍යාගද බාර ගැනීමට ඔවුන් අපේක්ෂා කරන බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now