කොරෝනා නිමාවූ පසුව JobSeeker දීමනාව අඩකින් කප්පාදු කරන බවට ඔස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රකාශයක්

Australians line up to register for the Jobseeker allowance in the wake of the COVID-19 pandemic.

Australians line up to register for the Jobseeker allowance in the wake of the COVID-19 pandemic. Source: AAP

කොරෝනා වසංගතය නිමාවූ පසුව JobSeeker දීමනාව අඩකින් කප්පාදු කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමග දෙසතියකට වරක් ලබා දුන් $550 ක්ව තිබූ JobSeeker දීමනාව $1100 ක් දක්වා දෙගුණ කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත්තේය.

මේ වන විට ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 8 කට අධික පිරිසක් මෙම JobSeeker දීමනාව ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.

මේ අතර කොරෝනා වසංගතය නිමාවූ පසුව JobSeeker දීමනාව අඩකින් කප්පාදු කිරීම අයුතු ක්‍රියාවක් බව ග්‍රීන්ස් පක්ෂය පවසයි.

කෙසේනමුත් එළඹෙන සැප්තැම්බර් මස අග වන විට JobSeeker දීමනාව නැවතත් $550 මට්ටමට ගෙනෙන බවට අගමැති මොරිසන් දැඩිව ආධාරණය කර සිටියි.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now