ඔස්ට්‍රේලියාවේ මේ දින වල පැවැත්වෙන Big Bash League ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය ලෙස පර්ත් හිදී ඊයේ (24/01) පැවති තරගයෙන් Melbourne Stars පරදා Perth Scorchers කණ්ඩායම කඩුලු 7 ක ජයක් අත් කරගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
කාසියේ වාසිය දිනු Perth Scorchers කණ්ඩායම Melbourne Stars හට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළේය.
ඒ අනුව Melbourne Stars කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 කට ලකුණු 136 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Perth Scorchers කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 139 ක් ලබාගනිමින් ජය හිමි කර ගත්තේය.
Perth Scorchers කණ්ඩායම වෙනුවෙන් ෂෝන් මාර්ෂ් ලකුණු 56 ක් ලබාගත් අතර ලකුණු 3 කට කඩුලු 3ක් ලබාගැනීම හේතුවෙන් Perth Scorchers කණ්ඩායමේ මිචෙල් ජොන්සන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

