SKIP TO MAIN CONTENT

ඒකා බද්ධ විපක්ෂය “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” වෙයි. ලකුණ, මල් පොහොට්ටුව.

Join Opposition Party received a new name.
Source: www.bestphotosworld.com

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ඒකා බද්ධ විපක්ෂය ඉදිරියේදී “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” ලෙස කටයුතු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

"අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ"නමැති ලියාපදිංචි දේශපාලන පක්ෂයේ නම" ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ"ලෙස වෙනස් කර ඇති අතර එහි සභාපති ලෙස මාහචාර්ය ජී.එල් පීරිස් සහ ලේකම් ලෙස නීතිඥ සාගර කාරියවසම් නම්කර ඇති බව වාර්තා වේ.

මල් පොහොට්ටුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මැතිවරණ ලාංඡනය බවද සඳහන්. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැම්බර් මස 18 වැනිදා නිළ වශයෙන් එළි දැක්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් මස 18 දින උදෑසන අනුරාධපුරයේදී සුභ මොහොතින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇතැයි සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now