SKIP TO MAIN CONTENT

මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාරලිමේන්තු සභාවෙන් ඉවත් කිරීමට කතානායක නියෝග කරයි : සතියක් පාර්ලිමේන්තුව තහනම්

paliamant -
Sri Lanka

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

පාර්ලිමේන්තුවේ කටයුතුවලට දිගින් දිගටම සිදු කළ බාධකිරීම් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද දවසේ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වන තෙක් ඉවත් සභාවෙන් ඉවත් කරන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී නියෝග කළේ ය.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබාදෙන්නැයි සිදු කළ ඉල්ලීමට අද (08) කතානායකවරයාගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් මතු විය. ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කතානායකවරයා සභාව විනාඩි දහයකට කල්තබන බව ප්‍රකාශ කළේ ය.

බිය ගන්වා හෝ තර්ජනය කළ තම තීරණය වෙනස් කළ නොහැකි බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය. මෙම තීරණය ස්ථාවර නියෝග 74(1) යටතේ ගන්නා බවත් ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයකු ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටුවන බවත් කතානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුව යළි ආරම්භ වීමෙන් අනතුරුවද දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළ උණුසුම් විවාද ඇති විය. එහිදී කීප අවස්ථාවක් මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළ විනය විරෝධී ලෙස නොහැසිරෙන ලෙස අවවාද කළ අතර, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් කතානායකවරයා සිය අප්‍රසාදය පළ කළේ ය.

පාර්ලිමේන්තු සභාගැබට පොලීසිය පැමිණෙයි

පාර්ලිමේන්තුවේ දිගින් දිගටම බාධා කිරීම් හේතුවෙන් සභාවෙන් ඉවත් වන ලෙස කතානායක කරූ ජයසුරිය මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතට පාර්ලිමේන්තුවෙන් ඉවත් වන ලෙස දැන්වූ අතර ඉන් පසුව සභා ගර්භය වෙත පොලීසිය පැමිණ තිබේ.

සභාවේ කටයුතු තාවකාලිකව තෙවැනි වරටත් අත් හිටුවීමට කතානායකවරයට සිදු විය.

දිනේෂ් ගුණවර්ධනට සතියක් පාර්ලිමේන්තුව තහනම්

එහෙත් පිටවයාම ප්‍රතික්ෂේප කළ දිනේෂ් ගුණවර්ධන මහතා තමා පාර්ලිමේන්තුවෙන් පිටව යන්නේ තමාට එරෙහිව මන්ත්‍රීවරයෙකු විසින් යෝජනාවක් ගෙනවිත් එය පාර්ලිමේන්තුවෙන් සම්මත කළහොත් පමණක් බව කියා සිටිමින් තවදුරටත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් එහි රැඳී සිටියේය.

මෙම තත්වය මත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් පිටව යා යුතු බව හා සතියක කාලයක් ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවිය යුතු බවට යෝජනාවක් ගෙන ආ අතර එම යෝජනාව සභා සම්මතවීම සිදුවිය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමේ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 85 ලැබී ඇති අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 22 ක් පමණි. එසේම මන්ත්‍රීවරු 114ක් ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි බවද වාර්තාවේ.

මෙහිදී අඳහස් දැක්වූ අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකශ කළේ, අද සභාවේ සිදු වූ සිදු වීම පිළිබඳව කණගාටු වන බවයි. මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරි දි සිදු වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now