SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016 - කිරි මිල ගණන් අඩු වීම නිසා අසීරුතාවට පත් වී ඇති කිරි නිෂ්පාදක ගොවියන්ට Turnbull රජය විසින් ඩොලර් මිලියන් 578ක සහන

කිරි මිල ගණන් අඩු වීම නිසා අසීරුතාවට පත් වී ඇති කිරි නිෂ්පාදක ගොවියන්ට රජය විසින් ඩොලර් මිලියන් 578ක ආදාර වැඩපිළිවෙලක් ලබා දේ.

farmers
Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

කිරි මිලදී ගන්නන් විසින් අඩු මිලකට කිරි මිලදී ගැනීම නිසා මෙසේ අඩු පොලී සහිත සහනදායී ඩොලර් මිලියන 55ක ණයක් ලෙස ආධාර ලබා දීමට රජය තීරණය කොට තිබේ.

කෘෂිකර්ම අමාත්ය Barnaby Joyce පවසන්නේ ඉදිරි වසර දෙක සඳහා අමතර ඩොලර් මිලියන 500ක්ද වෙන් කොට ඇති බවයි

තවත් ඩොලර් 900,000ක් , ප්‍රදේශීය මුල්‍ය ආධාර සඳහාද , තවත් ඩොලර් 900,000ක් ද Dairy Australia ආයතනයේ Tactics for Tight Times වැඩසටහන සඳහාද ලබා දේ

එසේම ගොවීන්ගේ නිවෙස් වලට ලබා දෙන දීමන වෙනුවෙන් කටයුතු කිරීමට 18 දෙනෙකුගෙන් යුත් සේවකයන් පිරිසක්ද පත් කොට තිබේ

මෙම ආධාර වැඩපිළිවෙල තුල Gippsland ප්‍රදේශයේ කෘෂි කර්මාන්ත දියුණුවට අවශ්‍ය වාරි මාර්ග සඳහා ඩොලර් මිලියන 20ක් ලබා දෙනවා

රජය ගොවීන්ට කිරි වල මිල පිලිබඳ අදහසක් ලබා දීමට කිරි සඳහා මිල දර්ෂ්කයක්ද ඉදිරිපත් කිරීමට සුදානම්

විපක්ෂයේ කෘෂිකර්මය පිලිබඳ ප්‍රකාශක Joel Fitzgibbon මෙම සහන වැඩපිළිවෙල ට එකඟතාවය පල කලත් එය පිලිබඳ තවත් අධ්‍යයනය කල යුතු බව පවසයි

එසේම කිරි ගොවීන් තමන් පත්ව ඇති තත්වය පිලිබඳ විරෝධතාවය ප්‍රකාශ කිරීම සඳහා මෙල්බන් , ඇඩිලේඩ් හා හි විරෝදතා රැලි ද පැවැත්වුවා

කිරි නිෂ්පාදන ගොවියකු වන Gino Pacitti පවසන්නේ පාරිබෝගීකයන් සතියකට කිරි නිෂ්පාදන කිහිපයක් මිලදී ගන්නේ නම් එය කිරි ගොවීන්ට වාසි සහගත වනු ඇති බවයි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now