SKIP TO MAIN CONTENT

අධිකරණ තලතාට, බුද්ධ ශාසන ගාමිණීට.

Politics of Sri Lanka
Source: Daily Mirror

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවේ හිටපු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍යධුර වලින් ඉවත් කිරීමෙන් පසුව නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය හා නව බුද්ධ ශාසන ඇමැති ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ (25/08) කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

මෙම අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටි බව වාර්තා වේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරළ මහත්මිය ඉතිහාසගත වනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now