වැඩිපුර සංක්‍රමණිකයින් හමු නොවන Pilbara හි සංක්‍රමණික කාන්තාවක් ලෙස මෙවන් ක්ෂෙස්ත්‍රයක නමක් දිනා සිටින කාංචනා තේනුවර SBS සිංහල සේවයට පැවසු තොරතුරු ඇසුරින් මෙම ලිපිය ගෙන එන්නෙමු .
ප්‍රධාන කරුණු
- බටහිර ඕස්ට්‍රේලියාවේ පිල්බාරා පෙදෙස අතිශය දුෂ්කර වන අතර එහි සිරගත වන පිරිස් ආදිවාසී පසුබිමක් සහිත පිරිස වේ.
- කාංචනා තේනුවර Pilbara හි විවිධ අභියෝග මැද වසර 18ක් පුරා මෙම සිරගතවූ , අපරාධ සිදුකිරීමේ අතීතයක් ඇති පිරිස් සමාජ ගත කිරීමේ සේවා සපයයි.
- කාංචනාට Pilbara ප්‍රදශෙය් විවිධ සම්මාන ලැබී තිබේ

බන්ධනාගාර රැදවියන් වෙනුවෙන් සේවය කිරීමට යොමු වීම
මීට විසි වසරකට පෙර තාක්ෂනය හැදෑරීමට පර්ත් නුවරට පැමිණි කාංචනා තේනුවර ඇගේ ආචාර්ය උපාධිය කිරීමට ලියාපදිංචි වුවද , ඇගේ සැමියා Pilbara පෙදෙසට පැමිණීමත් සමග එම පෙදෙසට ඇය පැමිණියා. කාංචනා පවසන්නේ ඇය ට තාක්ෂණයෙන් එම ප්‍රාදේශීය පෙදෙසේ රැකියාවක් නොමැති වුවද එහි බන්ධනාගාර රැදවියන්ට තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ඇය යොමු වූ බව.
"මම බලාපොරොත්තු නොවූ ලෙසයි මෙම ක්ෂෙස්ත්‍රයට යොමු වුනේ . මම බන්ධනාගාරයේ සිරකරුවන්ට ඉගැන්වීම කරන ආකාරය අනුව මට ඉල්ලීමක් ලැබුනා මෙසේ මගේම ආයතනයක් පිහිටුවා සේවය කිරීමට "
ඒ අනුව ඇය Pilbara Community Services නම් ලාභ නොලබන සංවිධානය පිහිටුවා ගෙන තිබේ.
විවිධ කැපිලි කෙටිලි හා අභියෝග
කාංචනා පවසන්නේ ඇගේ පවුලේ අය මෙවන් ක්ෂේස්ත්‍රයක් තෝරා ගන්නවාට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ඇය නීතිය හා සම්බන්ධ සේවයට කැමැත්තෙන් සිටි බවයි. ශ්‍රී ලංකාවේද නීති උපාධියක් සදහා ඇය සුදානම් වෙමින් සිටි අතරතුර ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.
කාන්තාවක් ලෙස මෙසේ බන්ධනාගාර ආශ්‍රිතව කටයුතු කිරීමේදී විවිධ කැපිලි කෙටිලි හා අභියෝග පැමිණියද ඒ අතරින් වඩා හොඳ සේවාවක් ලබා දෙමින් 18 වසරක් මෙම සේවාවන්හි යෙදීමට ඇයට හැකි වී තිබේ.
Pilbara හි සේවය කිරීමේ දුෂ්කරතා
මෙම Pilbara ප්‍රදේශය ඉතාම දුෂ්කර පෙදෙසක් . සමහර සේවාදායකින් හමු වීමට යාමට මාර්ග වත් නොමැති බවයි කාංචනා පවසන්නේ. සමහර ප්‍රජාවන් හමු වීමට දින 3ක් පමණ ගත විය හැකියි. මෙම ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවා බාවිතා වන්නේ නැහැ.
කාංචනා පවසන්නේ කාන්තාර මැද්දෙන් යන ගමන් සිදු කිරීමට වන අතර සමහර රාත්‍රීන් වාහනයේම ගත කිරීමට සිදු වුන බවයි. සමහර අවස්ථා වලදී නවාතැන් ගැනීමට ස්ථාන නොමැති හෙයින් camping කරන්නට සිදු වුන බවයි.
සමහර කාල වලදී Pilbara හි වැසි හා කුනාටු ඇති අතර අනෙක් කාල වලදී ඉතා ඉහල උෂ්ණත්වයක් තිබේ. එවන් කාලගුණ තත්වයන් යටතේ ජනයා සමග කටයුතු කිරීම අභියෝගාත්මක බව ඇය පවසයි.

Kanchana's team while they were travelling to Pilbara
මෙම ප්‍රදේශයේ ආදී වාසී ජනයා පිළිබද කාංචනාගේ අදහස්
මෙම ප්‍රදේශ වල වෙසෙන ආදිවාසී ජනයා බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි භාෂාව හරිහැටි කතා කිරීමට නොහැකි බව ඇය පවසයි. රජයෙන් එම ජනයාට යම් දීමනා ලබා දුන්නද ඒවා යොදා ගෙන ජීවන තත්වය ඉහල දැමීම සදහා කටයුතු කිරීමට එම ප්‍රජාවන්ට දැනුමක් නොමැති බව කාංචනාගේ අදහසයි.
ඇය දැක තිබෙන පරිදි සමහර ප්‍රජාවන්හි ජන කොට්ටාශ වහල නොමැති නිවෙස් වල ජීවත් වේ. ඔවුන් ඉතා දිළිදු , හා මත්පැන් හා මත්ද්‍රවය වැනි දේ ට යොමු වූ පුරුදු ඇති පිරිසක් වීම නිසා ඔවුන් සිර ගත වීම වැඩි බවත් ඇය පවසයි.
නමුත් මෙම ආදිවාසී ජනයා වැරදි කලද එම වැරදි හදාගෙන යහපත් ජීවිත ගත කිරීමට කැමැත්තක් දක්වන බවද එවන් ආදරණීය මිනිසුන් ඇයට මුණගැසී ඇති බවත් කාංචනා තේනුවර පවසයි.

කාංචනා හිමි කර ගත් ප්‍රජා සම්මාන
බටහිර ඕස්ට්‍රේලියාවේ මෙම සිරකරුවන් නැවත සමාජ ගත කරන ආයතන 7ක් පමණ ඇති අතර කාංචනා වෙනස් ක්‍රමයකට මෙම සේවාව සපයයි . සෑම වසරකම Department of Justice මගින් ඇගේ සේවාව ඇගයීමට ලක් වේ.
එසේම Report of inspector of custodial නම් වාර්තාව මගින්ද කාංචනාගේ සංවිධානය සපයන සේවා පිලිබදව ඇගයීමට ලක් වේ.
එසේම Pilbara region හා Karratha city council මගින්ද වාණිජ මණ්ඩලය මගින්ද මෙම සේවාව සම්මානයට පාත්‍ර වී තිබේ.
මේ වසරේත් Pilbara හි peoples choice හා partnership සම්මානද ඇයට හිමි වී තිබේ.
කාංචනා ගේ බලාපොරොත්තුව තව දුරටත් මෙම ප්‍රාදේශීය පෙදෙසේ ආදිවාසී ජනයා යහ මගට ගැනීම සදහා කටයුතු කිරීමයි.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
කාංචනාගේ කතාවට සවන් දෙන්න පහත ඇති ලින්ක් එකෙන්

