SKIP TO MAIN CONTENT

එක්දින නායකත්වය කපුගෙදරට.

Kapugedara to lead SL ODI Team
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

පසුගිය අගෝස්තු 24 වන දින ඉන්දියාවට එරෙහිව පැවති දෙවැනි එක් දින තරගයෙන් පසුව ශ්‍රී ලංකා පිළේ එක් දින නායක උපුල් තරංග තරග දෙකක තහනමකට ලක්විම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි තරග දෙක සදහා නායකත්වයේ වගකීම චාමර කපුගෙදර හට පැවරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවූ 20 වැනි ක්‍රීඩකයා වීමට කපුගෙදර සමත්විය.

ඒ  අනුව අගෝස්තු 27 වැනිදා පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදී සහ 31 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේදී කණ්ඩායම මෙහෙයවීමට කපුගෙදරට අවස්තාව හිමිවේ.

මීට අමතරව ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ආබාධයකට ලක්වීම හේතුවෙන් ලහිරු තිරමාන්න සහ දිනේෂ් චන්දිමාල් නැවතත් ශ්‍රී ලංකා එක් දින සංචිතයට කැඳවා ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now