SKIP TO MAIN CONTENT

කොළඹ කුණු කරදියානට. මීතොටමුල්ල මරණ සංඛාව තවත් ඉහළට.

Meethotamulla Garbage dump
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර ලබා දුන්නේය.

කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත එම කසල බාරගන්නා ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කෙරිණි.

එහි සභාපතිනි රුවිනි ධර්මසිරි මහත්මිය විසින් එම කසල බාරගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව අධිකරණයට දන්වනු ලැබුවාය.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 32 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now