SKIP TO MAIN CONTENT

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගැනීමට තමන් සූදානම් බව කරු ජයසුරිය පවසයි

Karu says willing to accept UNP leadership
Source: Karu Jayasuriya/ Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන්ට හැකි බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත ඒ පිළිබඳ තමන් දැනුම් දීමට කටයුතු කළ බවද ඔහු පැවසීය.

එක්සත් ජාතික පක්ෂය තුළ වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වයද බොහෝ පාර්ශව විසින් තමන් වෙත කෙරුණු ඉල්ලීම්ද සලකා බලා තමන් විසින් මෙම තීරණය ගත් බව කරු ජයසුරිය මහතා එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now