SKIP TO MAIN CONTENT

මස්පිඬු ඉරීයාමේ ආබාධයකට මුහුණ පා සිටින කසුන් රාජිතට පාකිස්තානය සමග පැවැත්වෙන දෙවැනි තරගය අහිමි වන ලකුණු

Kasun Rajitha sustains hamstring injury, may miss 2nd Test
Source: AFP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට සිටි ප්‍රධානතම වේගපන්දු යවන්නන් තිදෙනාගෙන් අයකු වන කසුන් රාජිත යළිත් වරක් මස්පිඬු ඉරීයාමේ ආබාධයකට මුහුණ දී තිබේ. රාවල්පිණ්ඩි නුවරදී පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගගේ පන්දු යවමින් සිටියදී ඔහු මෙම ආබාධයට ලක්ව තිබේ.

පවතින තත්ත්වය අනුව ලබන 19 වැනිදා කරච්චිහිදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා - පකිස්ථාන දෙවැනි ටෙස්ට් තරගයට කසුන් රාජිතගේ සහභාගීත්වය අස්ථිර බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් කසුන්ගේ ස්ථානය සඳහා ආදේශ කරන්නේ කවුරුන්ද යන්න මේ වන තෙක් තීරණය කර නැත.

මේ වන විට ටෙස්ට් තරග 7 කට පමණක් ක්‍රීඩා කර ඇති කසුන් රාජිත ලකුණු 685 කට කඩුලු 24 ක් දවාගෙන තිබේ. ඔහුගේ හොඳම පන්දු යැවීම වශයෙන් සටහන් වන්නේ කොදෙව් පිලට එරෙහිව බ්‍රිජ්ටවුන්හිදී ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගැනීමයි.

ශ්‍රී ලංකා - පකිස්ථාන දෙවන සහ අවසාන ටෙස්ට් තරඟය මේ මස 19 දා කරච්චි හිදී ආරම්භ වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now