ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී Katter මහතා බ්‍රහස්පතින්දා Brisbane නුවරදී අග්‍රාමාත්‍ය Turnbull සමග පැය 2ක් පමණ සාකච්චා කොට ඇති අතර එහිදී ඉහල Burdekin ගංගාව හරහා Hell's Gate හි වේල්ලක් ඉදික්රීමටද වුර්තීය සමිති වලට බාධා නොකරන් බවටද එහිදී ඔහු
ඉල්ලා ඇත. මෙහිදී කිසිදු ලිකිත එකඟතාවයක් නොවුනද එම වේල්ල ඉදි වනු ඇති බවට Katter මහතා පවසා තිබේ.
මෙවර සැබවින්ම වේල්ල ඉදි කොට රැකියා 20000ක් පමණ ඇති කිරීමට හැකියාව ලැබෙනු ඇති බව ඔහු පවසා තිබේ.
නමුත් ඔහු පවසන්නේ මෙම සහාය දීම එතරම් උද්යෝගයෙන් සිදු නොකරන බවත් ඔහුට අවශ්‍ය විටෙකදී වෙනත් අතකට හැරීමට ඔහුට ඉඩ ඇති බවයි. Katter පවසන්නේ මීට පෙරත් Tony Abbot නිසා ඔහු මුලාවට පත්වූ නිසා මෙවර ලිඛිතව සියලු කරුණු ඔහු ලබා ගන්න බවයි. පසුගිය වර එවන් ලිකිත පොරොන්දු නොතිබූ නිසා මෙවර සියල්ල ලිකිතව ලබා ගැනීමට ඔහු බලාපොරොත්තු වේ.
Turnbull මහතා එම හමුවෙන් පසුව කෙටි මාධ්‍ය සාකච්චාවකදී ප්‍රකාශ කර ඇත්තේ එම හමුව හිතකර එකක් වූ බවයි.
මෙහිදී Katter ප්‍රකාශ කලේ Abbot සමයේ මෙන් වුර්තීය සංගම් පසු පස වැරදි සොයා යාමට සන්ධානය තීරණය කලොත් ඔහුගේ සහය නොලැබෙන බවයි. තවමත් සන්ධානයට තනිවම රජයක් පිහිටුවා හැකිද යන්න සැක සහිත නිසා Katter මහතා විසින් නැවත මැතිවරණයක් වැලක්වීමට රජයට සහාය දෙන බවද පැවසීය. එසේම ඔහු දේශීය කර්මාන්ත විදේශිකයන්ට හිමි වීමත්, ගල් අඟුරු පතල් සඳහා Galilee Basin හි රේල් පාරක් ගොඩ නැගීම පිළිබඳවද අදහස් පල කළා. එසේම සෙනට් ආසන හා පහල මන්ත්‍රණ සභා එක අසුනක් හිමි Nick Xenophon කණ්ඩායම සමග එකඟතාවයකට පැමිණීමටද ඔහු බලා පොරොත්තු වේ.

