කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ (21/01) සිට යළි ශ්‍රී ලාංකිකයින්ට සහ සංචාරකයින්ට විවෘත කෙරුණි.
කොරෝනා වසංගතය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මාස 9 ක් පමණ වසා දමා තිබුණි.
ඛාණ්ඩ 3 ක් යටතේ ගුවන්තොටුපොළ ඊයේ සිට සංචාරකයින් සඳහා විවෘත කෙරුණු බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේය.
කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානයක් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට ගතවන කාලය විෂබීජහරණ ක්‍රියාවලි නිසා වැඩිවී ඇති බැවින් ඉදිරියේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අමතරව මත්තල ගුවන් තොටුපොලද ප්‍රයෝජනයට ගැනීමට සිදුවනු ඇතැයි ඒ මහතා පැවසුවේය.

