SKIP TO MAIN CONTENT

කටුනායක ගුවන් පථය අද සිට නැවතත් විවෘතයි.

Bandaranaike International Airport
Source: Bandaranaike International Airport

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පථය අද (06/04) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12 ට ගුවන් පථය විවෘත කරන බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

ඒ අනුව A380 වැනි ලොව විශාලතම ගුවන් යානා පවා ගොඩ බැස්සවීමේ හැකියාව දැන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට පෙර මීටර් 60 කින් යුක්ත වූ මෙම ධාවන පථය නවීකරණය කිරීමෙන් පසුව මීටර් 75 ක දිගකින් සමන්විතය.

මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවීකරණ කටයුතු හේතුවෙන් වසා දැමුණු ගුවන් තොටුපලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවේ කටයුතුද අද සිට යළි ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now