ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොල 9ක ත්‍රස්ත ක්‍රියා මැඩලීම සදහා විශේෂ වැඩපිළිවෙලක් (SBS සිංහල /වාර්තා)

USA - Transportation - Airtran Jet Guided into Gate

ws Source: Getty

ඕස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොල 9ක ත්‍රස්ත ක්‍රියා මැඩලීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ඕස්ට්‍රේලියානු රජය ඉදිරිපත් කොට තිබේ. මෙමගින් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට වැඩි අවධානම් සහිත සිදුවීම් පාලනයට අවස්තාව ලැබේ.

අග්‍රාමාත්‍ය Scott Morrison පවසන්නේ ඉදිරි මාස 18 තුල අතිරේක පොලිස් නිලධාරීන් 135ක් හා ආරක්ෂක සේවා නිලධාරීන්ද ආයුධ හා පුපුරන ද්‍රව්‍ය හඳුනා ගන්නා සුනඛයන්ද යොදවනු බවයි. ඔහු ප්‍රකාශ කරන්නේ ඕස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීමට දහස් ගණනින් ජනතාව ගමන් කරන ගුවන් තොටුපොල වල ආරක්ෂාව මෙමගින් තහවුරු කෙරෙන බවයි.

එසේම මෙම අමතර නිලධාරීන් අත ගිනි අවිද ඇති බව සදහන් අතර හදිසි අපරාධ සිදුවීම් වලදී ඉක්මනින් ක්‍රියා කිරීමට හැකි වේ. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙම නිලධාරීන් හදිසි අවස්තාවකදී එතනින් පලා යාම නොව එම සිදුවීම වෙත යාම සිදු කරන බවයි. 

මෙම ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් Protection Operation Response Team (PORT) යනුවෙන් හැඳින්වෙන කණ්ඩායම වෙත Mk 18 වර්ගයේ රයිෆල් හිමි වනු ඇති අතර සිරුරේ කැමරාවක් හා තර්ජනාත්මක හැසිරීම් හමුවේ ක්‍රියා කිරීමටත්, සුනඛ හා යුධ සන්නද්ධ අනෙක් කණ්ඩායම් සමග වැඩ කිරීමටත් අවස්තාව ලැබේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසන්නේ මෙම වැඩපිළිවෙල ASIO ආයතනයේ තර්ජන විශ්ලේෂණ වාර්තා වලට අනුකුලව සිදු කල බවයි. ලෝකයේ විවිධ සිදුවීම් තුලින් ත්‍රස්ත ක්‍රියා අඩුවීමක් සිදු නොවී ඇති බව පෙනී යන බව ඔහු පවසයි.

ජාතික වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුලින් ගුවන් යානා සදහා ඇති තර්ජන වලට සරිලන වැඩකටයුතු සදහා ෆෙඩරල් පොලීසියට සහයක් ලැබෙන බවද අමාත්‍ය Dutton පවසා තිබේ.  වසර 2017දී සිඩ්නි නුවර සිට මගීන් රැගත් ගුවන් යානයකට ප්‍රහාරයක් සැලසුම් කිරීම හඳුනා ගැනීමටත් , මේ මස ත්‍රස්ත සැලසුම් වලට සම්බන්ධ 21 හැවිරිදි පුද්ගලයෙකු හසු කර ගැනීමටද ආරක්ෂක අංශ සමත් වී තිබේ.

Dutton මහතා ප්‍රකාශ කර ඇත්තේ ඔස්ට්‍රේලියාව තුල එවන් අපරාධ වැලක්වීමට කැප වෙන ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන් ගේ සේවය අගය කරන බවත් Morrison රජය විසින් ඔවුන්ට අවශ්‍ය ඉහලම පුහුණුව ලබා දීමට කටයුතු කරන බවයි. 

වසර 2018-19 අය වැය තුලින් ඉදිරිපත් කරන ලද ගුවන් ආරක්ෂාව පිණිස වූ ඩොලර් මිලියන 107 තුලට මෙම වැඩසටහන සදහා වන ප්‍රතිපාදන අයත් වේ.  ඉදිරි මාස 18 තුලදී ගුවන් තොටුපොල 9ක මෙය ක්‍රියාත්මක වීමට නියමතයි.

නත්තලට පෙර සිටම කැන්බරා හා බ්‍රිස්බන් ගුවන් තොටුපොල වල මෙම නිලධාරීන් යොදවා තිබිණ. එසේම ඉදිරි මාස 6 තුලදී සිඩ්නි, මෙල්බන්, පර්ත් හා ගෝල්ඩ් කෝස්ට් වලද වසර 2021දී කැන්ස් , ඇඩිලේඩ් හා ඩාවින් යන ගුවන් තොටුපොල වලද මෙම නිලධාරීන් යෙදවීම සිදු වේ.

මෙය ගුවන් තොටුපොල වල ගමන් කරන මගීන් ට කිසිදු වෙනසක් සිදු නොවුනද PORT කණ්ඩායමේ භටයින් ගුවන් තොටුපොල තුල වැඩිපුර සැරිසරන බවත්, ආයුධ හා පුපුරන ද්‍රව්‍ය හඳුනා ගන්නා සුනඛයන්ද දක්නට ලැබෙනු ඇති. එසේම rapid appraisal officers නම් තර්ජනයක් ඉක්මනින්ම නිර්ණය කිරීමේ නිලධාරීන්ද යෙදවීමට නියමිතයි.

** අග්‍රාමාත්‍යවරයාගේ හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ කාර්යාල මගින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක් ඇසුරෙනි

How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala


2 min read

Published

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now