Highlights
- ඕස්ට්‍රේලියාවේ නිවාස තුල residential heating ක්‍රම, ස්ථානය සහ කැමැත්ත අනුව වෙනස් වේ
- එළිමහනේ භාවිත කරන හීටර් නිවස තුළ භාවිතා කිරීම භයානක විය හැක
- නිවාස හිමියන්ට සාපේක්ෂව කුලී නිවැසියන් හට පවතින විකල්ප සීමා වේ
- Heating systems ගත් කල සුලු වෙනස්කම් සහිතව බලශක්ති කාර්යක්ෂමතාව සහ පිරිවැය අඩු කිරීම කළ හැකිය
ඕස්ට්‍රේලියාව, ශීතල කාලගුණය සම්බන්ධයෙන් සුවිශේෂී නමක් ලෝකය තුල නොදැරුවත්, ඕස්ට්‍රේලියාවේ ශීත ඍතුවේදී ඇතැම් ප්‍රදේශ සඳහා දැඩි ශීතලක් පැවතීමේ ඉඩකඩක් පවතී.
Heating system එකක් නොහොත් තාපන පද්ධති සම්බන්ධයෙන් ගත් කල ඕස්ට්‍රේලියානු නිවාස සාමාන්‍යයෙන් උතුරු අර්ධගෝලයේ පවතින රටවලට වඩා පසුගාමී වේ.
ජර්මනියේ සිට පැමිණි, සිඩ්නිහි ජීවත් වන මහාචාර්ය Sven Teske සඳහන්කොට සිටින්නේ ජර්මනියේදී තමන් අත්විඳි ශීතලට වැඩ දැඩි ශීතලක් ඕස්ට්‍රේලියාවේ තමන් අත්විඳින බවයි. මේ සඳහා ඇතැම් නිවාස තුල heating system එකක් නොහොත් තාපන පද්ධතියක් නොමැති වීම බලපාන අතර ජර්මනිය වැනි රටවලට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුව කෙටි කාලයක් පමණක් පැවතීම මීට හේතුව වන්නට ඇති බවත් මහාචාර්ය Sven පවසයි.

Centralised සහ split තාපන පද්ධති
Choice පාරිභෝගික උපදේශන කණ්ඩායමේ නිවාස තාපන පද්ධති සම්බන්ධයෙන් වන විශේෂඥ Chris Barnes පවසන්නේ සමස්ත නිවසම උණුසුම්ව තබා ගැනීමට අවශ්‍ය නම්, යම් ආකාරයක මධ්‍යගත තාපන පද්ධතියක් හෙවත් Centralised heating system එකක් සවි කිරීම හොඳ ක්‍රමයක් වන බවයි.
කෙසේ නමුත් මෙම තාපන පද්ධතිය සවි කිරීම මිල අධික වන වේ. එමෙන්ම එය කාර්යක්ෂමව භාවිතා නොකළහොත්, එය ද මිල අධික විය හැකි අතර නිවසේ තමන්ට අවශ්‍ය ස්ථාන සඳහා පමණක් උණුසුම් කිරීම මගින් ලාභදායි ප්‍රතිපල අත්කරගත හැකි බව Chris සඳහන් කරයි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
එමෙන්ම ඇතැම් අවස්ථා වලදී නිවසේ විවිධ ස්ථාන වෙන වෙනම උණුසුම් කරන split තාපන පද්ධති හෝ portable heaters ඇතැම් විට විකල්ප වේ.
කාබන් විමෝචන රහිත තාපන පද්ධති
කාබන් විමෝචනය රහිතව නිවාස උණුසුම් කල හැකි බව University of Technology Sydney හි Institute for Sustainable Futures හි සහකාර මහාචාර්ය සහ පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය Sven සඳහන් කරයි.
නමුත් බොහෝ කුලී නිවැසියන් හට මේ සඳහා පහසුවෙන් ප්‍රවේශ විය නොහැක.
නිවාස හිමියන් හට, විදුලිය සමඟ ක්‍රියාත්මක වන තාප පොම්පයක් තැනීමට හෝ ආයෝජනය කිරීමට හැකියාව පවතී. ඔබ ඔබේ නිවස උණුසුම් කිරීමට විදුලිය භාවිතා කරන්නේ නම් එය වඩාත් කාර්යක්ෂම ක්‍රමය වන අතර විදුලිය සූර්ය තාප පැනල ඔස්සේ නිපදවා ගැනීමට හැකියාව පවතී.

ඔබේ නිවස කාබන් විමෝචනය රහිත ආකාරයෙන් සකස් කිරීමට හැකියාවක් ඔබ සතු වේ නම් එය ඔබේ මූල්‍ය තත්වය සඳහාත් යහපත් වන බව ආචාර්ය Sven පවසයි. මෙමගින් බොහෝ වාසි පවතින අතර නිවාස හිමියාට තමන් විසින්ම විදුලිය නිපදවිය හැකි වීම සහ විදුලිය ගබඩා කරගත හැකි වීම මේ අතුරින් ප්‍රධාන වේ.
කෙසේ නමුත් නිවාස හිමියන්ට සාපේක්ෂව කුලී නිවැසියන් හට කාබන් ශුන්‍ය විමෝචන තත්වයෙන් යුත් නිවාස තාපන පද්ධතියක් සඳහා ප්‍රවේශ වීම දුෂ්කර කාර්යයකි.
විදුලි පද්ධති භාවිත කරන පිරිසට කාබන් විමෝචන රහිත විදුලිය ලබාදෙන සමාගමකට මාරුවීම විකල්පයක් වශයෙන් දැක්විය හැක.
කෙසේ නමුත් ගෑස් සිලින්ඩර මගින් සිදු කරන නිවාස තාපන පද්ධති ඔස්සේ මෙම කාබන් විමෝචන රහිත තත්වයට ලඟා වීම ඉතා අපහසු වේ.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
ආචාර්ය Sven පෙන්වා දෙන්නේ, සිඩ්නිහි තමන් සතු කුලී නිවාසයේ ගෑස් සිලින්ඩර භාවිත කල හැකි නිවාස තාපන පද්ධතියක් තිබෙන නමුත් සිඩ්නි හි "ජීව වායු" ගෑස් සිලින්ඩර සැපයුම සිදු කරන මධ්‍යස්ථානයක් හෝ සැපයුම්කරුවකු තවමත් සොයාගෙන නොමැති බවයි.
Heating සම්බන්ධයෙන් වන ආරක්ෂාව
Fire and Rescue NSW ඒජන්සියට අනුව ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුවේදී නිවාස ගිනිගැනීම් සංඛ්‍යාවේ 10% ක වැඩි වීමක් දක්නට ලැබේ. මේ සඳහා හීටර් සහ විදුලි බලයෙන් උණුසුම ලබාදෙන බ්ලැන්කට් ප්‍රධාන වේ.
එළිමහනේ තබන හීටර් නිවාස තුලට රැගෙන එමද ඉතා භයානක වන අතර ඇතැම් විට එය මාරාන්තික විය හැක.
මේ හේතුවෙන් බලධාරීන් අනතුරු අඟවා සිටින්නේ, heat beads නොහොත් තාප පබලු, අඟුරු හෝ "LP ගෑස්" භාවිතා කරන උපකරණ ඇතුලු එළිමහනේ තබන උණුසුම ලබාදෙන හෝ ඉවුම් පිහුම් උපකරණ කිසි විටෙකත් නිවාස තුල භාවිතා නොකරන ලෙසයි.
එමෙන්ම බලධාරීන් පවසන්නේ මෙවැනි උපකරණ ගෘහස්ථ භාවිතය සඳහා සුදුසු නොවන අතර මාරාන්තික වායූන් ද නිපදවිය හැකි බවයි. මේ හේතුවෙන් භාවිතයට පෙර සෑම විටම නිෂ්පාදකයාගේ නිර්දේශ පරීක්ෂා කිරීමද වැදගත් වේ.
[electricity]
විවිධ දේශගුණ තත්ත්ව යටතේ වන විවිධ අවශ්‍යතා
ඕස්ට්‍රේලියාවේ විවිධ කාලගුණ තත්ත්ව මත පදනම්ව තාපන පද්ධති හෝ උපකරණ තෝරා ගැනීම සම්බන්ධයෙන Chris පවසන්නේ, පුද්ගලයින් තම නිවාස උණුසුම් කිරීම සඳහා යොදාගන්නා පද්ධති ප්‍රාන්තය අනුව සහ තමන් සිටින ප්‍රදේශය අනුව වෙනස් වන බවයි.

ඕස්ට්‍රේලියාවේ බොහෝ පිරිසකට තම නිවාස උණුසුම් කිරීම හා සමානවම, සිසිල් කිරීමද වැදගත් වේ. මේ හේතුවෙන් reverse cycle air conditioner එකක් සවි කිරීම මේ සඳහා හොඳ විසඳුමක් වේ.
බලශක්තිය සම්බන්ධයෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම
Andrew Reddaway, Australian Energy Foundation හි ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන අතර ඔහු ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි රජය සමග එක්ව කුලී නිවැසියන්ට නොමිලේ නිවාස බලශක්ති තක්සේරු කිරීම් ලබා දීමට කටයුතු කරයි.
Andrew පවසන්නේ නිවසෙහි උණුසුම තබාගනිමින් බලශක්තිය වියදම අවම කිරීම සඳහා නිවාස වල සිවිලිම, බිත්ති සහ බිම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වන බවයි.

එමෙන්ම නිවාස උණුසුම් කිරීම සඳහා භාවිත කරන පද්ධති කුමක් වුවත් එය කාර්යක්ෂමව භාවිතා කිරීම වැදගත් වේ.
මේ සම්බන්ධයෙන් Andrew පෙන්වා දෙන්නේ නිවසේ තමන් සිටින ප්‍රදේශය හෝ කාමරය පමණක් උණුසුම් කිරීම යහපත් වන අතර දොරවල් සහ ජනෙල් වසා තාපය රඳවා තබා ගැනීමට උත්සාහ කළ හැකි බවයි.

එමෙන්ම නිවාස හිමියන් හට සහ කුලී නිවැසියන් හට බලශක්ති බිල්පත් අඩු කිරීම සහ භාවිතය සඳහා විකල්ප භාවිත කල හැකි බව Andrew පවසයි. එමෙන්ම Draught sealing නොහොත් නිවාස තුලින් උණුසුම හෝ සීතල පිටතට යාම වැලැක්වීම සඳහා සිදු කරන සීල් කිරීම වැදගත් වේ.
Chris පවසන්නේ නිවස තුල සුදුසු උණුසුමක් පවත්වාගැනීම සඳහා පද්ධතියක් තිබීම මගින් පිරිවැය අඩු වීම නිරායාසයෙන්ම සිදු වන බවයි.
නිවාස වල බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ මධ්‍යම රජය මෙන්ම ප්‍රාන්ත සහ ටෙරටරි රජයන් සිය සහාය ලබාදීම සිදු කරයි. මේ සඳහා නිවැසියන් හට විවිධ වැඩසටහන් පවතින අතර ඒ ඔස්සේ නිවැසියන් හට නොමිලේ විශේෂඥ උපදෙස් ලබාදීම ද සිදු කෙරේ.
එම වැඩසටහන් පහතින්:
ACT: Home Energy Assessments for Renters
NSW: Rebate swap for solar and energy efficient upgrades
VIC: Power Saving Bonus
TAS: Home energy audit toolkit
WA: Distributed Energy Buyback Scheme
NT: Renewable Power Incentives
QLD: Energy-efficient air conditioning incentives
ඔබගේ ප්‍රාන්තයේ/ටෙරිටරියේ පවතින සියලුම බලශක්ති වට්ටම් සහ දිරිගැන්වීමේ වැඩසටහන් සඳහා Department of Climate Change, Energy, the environment, and Water වෙත පිවිසෙන්න.
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
- SBS Radio APP (නොමිලේ Download කරගන්න

