ඉරාකයේ සහ සිරියාවේ සටන් බිම් තුළ ඔස්ට්‍රේලියානුවන්ගේ දරුවන් 70ක් දක්වා අන්තවාදී කණ්ඩායම වෙත නිරාවරණය වී ඇති බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis අනාවරණය කර තිබේ.
මෙම දරුවන් තම ඔස්ට්‍රේලියානු දෙමාපියන් සමග සටන් කලාප වලට සංචාරය කර හෝ එම කලාප වල උපත ලබා ඇති හෝ විය යුතු බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය පෙන්වා දෙයි.
බඳවාගැනීම්, අරමුදල් රැස් කිරීම්, සහ සම්බන්ධ වීමට අවශ්‍ය වීම් වැනි දෑ ඔස්සේ IS වැනි කණ්ඩායම් සඳහා ක්‍රියාකාරීව සහයෝගය දක්වන ඔස්ට්‍රේලියාව තුළ සිටින පුද්ගලයන් 190 දෙනෙකු පමණ පිළිබඳ ගවේෂණය කරන බව Duncan Lewis පසුගිය අඟහරුවාදා (18/10) සෙනට් සභාවට පැවසීය.
සිරියාවේ හෝ ඉරාකයේ සිට ඔස්ට්‍රේලියාව වෙත පැමිණි ඔස්ට්‍රේලියානුවන් 40 දෙනෙකු පමණ එම සංඛ්‍යාවට ඇතුළත්ය.
මෙලෙස නැවත පැමිණි එකී පුද්ගලයන්ගේ දීර්ඝ කාලීන බලපෑම, ඉදිරි වසරවලදී, රටේ බුද්ධි අංශ සහ නීතිය බලාත්මක කිරීමේ නියෝජිත ආයතන සඳහා ආරක්ෂක අර්බුද ඇති කරනු ඇතැයි ඔහු වැඩි දුරටත් පැවසීය.
සටන් බිම් තුළදී ඔස්ට්‍රේලියානුවන් 68ක් දක්වා මිය ගොස් ඇති බවත් ඉන් 11 දෙනෙක් පසුගිය මැයි මාසයේ පටන් මේ දක්වා කාලය තුළ මිය ගොස් ඇති බවත් Duncan Lewis විශවාස කරයි.
සිරියාවේ සහ ඉරාකයේ සටන් භූමි තුළ මේ වන විටත් ත්‍රස්ත කණ්ඩායම් සමග සම්බන්ධ වී සටන් කරන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව 110ක් පමණ වන බවද ඔහු පැවසීය.
ජාතික ආරක්ෂාවේ නාමයෙන් ත්‍රස්ත ප්‍රහාර වලට සම්බන්ධ වී නැවත ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට Duncan Lewis අනතුරු අඟවා තිබේ.
අන්තවාදී කණ්ඩායම් සමග සම්බන්ධවූ ඔස්ට්‍රේලියානුවන් 190 දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර අහෝසි කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානය නිර්දේශ කර තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියානුවන් නොවන ඉහත ආකාරයේ පුද්ගලයන් 20 දෙනෙකුගේ වීසා ද අහෝසි කර තිබේ.
“ඔස්ට්‍රේලියාව තුළ ත්‍රස්තවාදී තර්ජන වර්තමානයේ අප සමාජයේ සත්‍ය වශයෙන්ම පවතිනවා. අවශ්‍ය වුවහොත් ඔස්ට්‍රේලියානු සමාජය තුළ සහ විදේශයන් පිළිබඳ විමසිල්ලෙන් සිට රජයේ සෑම ස්තරයක්ම නොකඩවා සටන් කරනු ඇති.” ඔස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis පැවසීය.
රහස් ඔත්තු සේවා මගින් අනාවරණය කරන ලද අනුභූති, සැඟවුණු සහ උපාය මාර්ගික තර්ජන පිළිබඳවද ආරක්ෂක ප්‍රධානියා අවධාරණය කළේය.
ඒ සම්බන්ධ විශේෂ තොරතුරු ඔහු අනාවරණය නොකළ නමුත් මෙම තර්ජන දැනට පවතින බවත් ඒවා පැතිරී යන බවත් ඔහු පැවසීය.
Share

