SKIP TO MAIN CONTENT

බොහෝදෙනෙකු කම්පනයට පත්කළ මෙම චායාරූපය ඔබත් දුටුවාද ?

ශ්‍රී ලංකාවේ රක්ෂිතයකදී සිදුවුණු ,බොහෝදෙනෙකු කම්පනයට පත්කළ මෙම චායාරූපය ඔබත් දුටුවාද ? මෙම උකුස්සා මැරා දැමූ දෙදෙෙනක් දැනටමත් අත්අඩංගුවට අරන්....

Two of the suspects arrested by the police in connection with the killing of an eagle in an inhumane manner
Two of the suspects arrested by the police in connection with the killing of an eagle in an inhumane manner Source: Sinhala local media

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

වදවීගෙන යන දුර්ලභ ඝනයේ සත්වයකු වන මෙම උකුස්සා හම ගසන අයුරු ඡායාරූප සමාජ ජාල වෙබ් අඩිවියකට මුදාහැර තිබීමත් සමඟ මෙම සතියේදී මේ පිළිබඳව සමාජයේ දැඩි උනන්දුවක් ඇතිව තිබුණි. බොහෝ දෙනා මෙම කෘරතර ක්‍රියාව දැඩිලෙසින් හෙලා දකිනු ලැබිය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (මාර්තු 10) පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තාවේ. මෙම සැකකරුවන් දෙදෙනා හබරාදුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ උකුස්සා මරාදැමු ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි උකුස්සාගේ හොටය, පිහාටු, ශරිර කොටස් හා මැරිමට යොදා ගත් පිහිය සොයා ගනු ලැබ ඇත. හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් කදුරුදුව බම්බ්ගල පාලම අසල කඩොලාන රක්ෂිතයේ දි එම උකුස්සා මරා දමා ඇති බව පොලිසිය කියයි.

එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි. එසේම චායරුපයේ පෙනෙන සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගැනීමටද හැකිව ඇති බව පොලිසිය පවසයි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරිමේ දි මොවුන් සඳහන් කොට ඇත්තේ කඩොලාන රක්ෂිතයේ දී උකුස්සාට විදුලි සැරවැදි මියගොස් සිටියදි සොයා ගත් බවය. පසුව උකුස්සා හම ගැසු බවත් එම සාතාගේ උදරයේ සර්පයකු සිටි නිසා උකුස්සාගේ මස් ආහාරයට නොගෙන බඹ්බගල ඇළට මුදාහැරිය බවද සැකකරුවන් පවසා තිබේ.

එහෙත් පොලිසිය පවසන්නේ පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ මොවුන් මෙම උකුස්සා චේතනාන්විතව මරාදමා ඇති බවය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු රියැදුරකුවන අතර අනෙක් පුද්ගලයා කම්කරුවෙකි. සැකකරුවන් දෙදෙනා ඊයේ පස්වරුවේ (මාර්තු 10) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස 24 දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට ඇත.

උකුස්සා ආරක්ෂිත මෙන්ම දුර්ලභ ඝනයේ සත්වයෙකු වන අතර මෙවැනි සතෙකු හම ගසන අයුරු අන්තර්ජාලයට මුදාහැරිම රටට අපකීර්තියක් බවත් අප තවමත් දඩයම් යුගයේ සිටින මිනිසුන් බවට මේවැනි සිද්ධීන්වලින් හැගියන බවත් පොලිසිය කියයි. අන්තර්ජාලයට මෙහි ඡායාරූප මුදාහැර ඇති නිසා සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකිවූ බවද පොලිසිය කියයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now