විස්සයි විස්ස ලෝක කුසලාන පළමු තරගයෙන් සත්කාරක ඉන්දියාව පරාජයට පත් කරමින් නවසීලන්තයට ලකුණු 47ක ජයක්.

India Vs New Zealand T20 World cup

New Zealand's players celebrate after winning the World T20 cricket tournament match against India at Source: Getty Images

2016 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ රාත්‍රියේදී සත්කාරක ඉන්දියාව  නවසීලන්තය සමගින් තරග වැදිණි. ඉන්දියාවේ නාග්පුර් හිදී පවතී මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය මුලින්ම පන්දුවට පහර දෙමින් කදුළු හතක් දැවී ලකුණු 126ක් වාර්තා කළේය. ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය පිති කරුවන්ට සියලු දෙනා දැවී වාර්තා කල හැකිවුයේ ලකුණු 79ක් පමණි. නවසීලන්තය වෙනුවෙන් අගනා  පන්දු යැවීමක නිරත වූ Mitchell Santner කඩුලු 4ක්ද Ish Sodhi කඩුලු 3ක්ද දවා  ගන්නට සමත් විය. නවසින්ලන්තය ඉන්දියාවට එරෙහිව පිට පිට වාර්තා කල 5 වෙනි 20-20 තරග ජය මෙය වන අතර 20- 20 තරග පිටියේ ඉන්දීය කණ්ඩායම දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසත් මෙය වාර්තා අතරට එක්ව තිබේ.

ඉන්දීය ඉනිමේ  වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමණය මහේන්ද්‍ර සිංග්  දෝනි විසින් වාර්තා කල අතර, අනෙකුත් සියලුම පිති කරුවන් ඉතා අඩු ලකුණු සංඛ්‍යාවන්ට දවා  ගන්නට නවසිලන්ත පන්දු යවන්නන් සමත් විය.

අද තරග බිමට...

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පකිස්ථානය බංග්ලාදේශය සමග අද කල්කටා හිදී තරග බිමට පිවිසෙන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්තය මුම්බායි හිදී තරග බිමට පිවිසීමට නියමිතයි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පකිස්ථානය පරාජය කරන්නට බංග්ලාදේශය සමත් වූ අතර, නැවත වතාවක් පකිස්ථානය පරාජය කිරීමේ අභිප්‍රායෙන් බංග්ලාදේශ ක්‍රීඩකයින් මෙම තරයට ප්‍රවිෂ්ට වීමට සුදානමින් සිටියි. මේ තත්වය යටතේ  පකිස්ථානය දැඩි පීඩනයක් යටතේ අද තරගයට ප්‍රවිෂ්ට වීමට නියමිතයි.

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් - එංගලන්ත තරගයේ වැඩි වැසි කොදෙව් කණ්ඩායම සතු බව විචාරක මතය වී තිබේ. ඉන්දීය තණ තීරු පිළිබද හොඳ අවබෝධයක් ඇති ක්‍රිස් ගේල්  වැනි ක්‍රීඩකයින් සහ , ජාත්‍යන්තර පිටියේ එංගලන්තයට වැඩ ඇත දැකීම ඇති ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමට ඇතුලත් වීම ඊට හේතු වී තිබේ.


2 min read

Published

Updated



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now