තරගාවලිය ආරම්භයේදී වැඩි අවධානයක් නවසිලන්ත කණ්ඩායමට යොමු නොවුනද, ක්‍රිකට් පිටියේ දැවැන්ත කණ්ඩායමක් දෙකක් වන ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව තරගාවලිය ආරම්භයේදීම පරාජයට පත් කිරීමත් සමග නවසීලන්ත කණ්ඩායමට මේ වන විට වැඩි විචාරක අවධානයක් සහ ප්‍රේක්ෂක අවධානයක් යොමුව තිබේ.
ඊයේ තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්තය හිමාචාල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගන තණ තීරුවේ මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කල අතර එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කදුළු 8 ක් දැවී ඔවුන්ට වාර්තා කල හැකිවුයේ ලකුණු 142ක් පමණි. මාටින් ගප්ටිල් ලකුණු 39කින් නවසිලන්ත ඉනිමට දායකත්වය ලබා දුන් අතර, පන්දු 27කදී හතරේ පහර 2ක් සහ 6 පහර 4ක් සමගින් ඔහු එම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට සමත් විය. නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදෙමින් වාර්තාකළ ලකුණු 142 එතරම් දැවැන්ත ලකුණු ප්‍රමානයක් නොවුනත්, ඔවුන් පන්දු රැකීමේදී සහ පන්දු යැවීමේදී භාවිත කල ක්‍රම උපායන් සාර්ථක වීම හේතුවෙන් තරගයේ ජය තමන් නතු කරගන්නට සමත් විය.
අනතුරුව ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භයේදී උස්මන් කවාජා ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට හොඳ දායකත්වයක් ලබාදුන්නද, දුවද්දී දැවී යාමකට හසු කරගනිමින් ඔහු පිටියෙන් ඉවත් කරන්නට ඇඩම් මිල්න් සහ ග්‍රාන්ට් එලියට් හට හැකි විණි. පන්දු 27කදී ලකුණු 38ක් වාර්තා කල කවාජා තුන්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වුනේ ඕස්ට්‍රේලියාවේ මුලු ලකුණු සංඛ්‍යාව 62ක්ව තිබියදී. තරගයේ අවසන් පන්දුවාරය තුලදී ඕස්ට්‍රේලියාව කඩුලු 7ක් දැවී පන්දු 6කදී ලකුණු 11ක් වාර්තා කල යුතුව තිබු අතර එම ඉලක්කය කරා ඕස්ට්‍රේලියාව ගෙන යන්නට James Faulkner ඇතුළු අවසන් පිතිකරුවන් කීප දෙන හට හැකියාවක් ලැබුනේ නැහැ.

නවසිලන්ත ක්‍රීඩක Grant Elliot, ඕස්ට්‍රේලියානු පිතිකරු Usman Khawaja දුවද්දී දැවී යාමට හසුකරගත් අවස්ථාව.
නාග්පුර් තරගයට සහභාගී වූ නවසිලන්ත කණ්ඩායමට එක් දග පන්දු යවන ක්‍රීඩක Nathan McCullum වෙනුවට කණ්ඩායමට වේග පන්දු යවන ක්‍රීඩක Mitchell McClenaghan එක් කිරීමට නවසිලන්ත නායක කේන් විලියම්සන් තීරණය කර තිබු අතර, එම තීරණය සාර්ථක තීරණයක් බව පසක් කරමින් McClenaghan ලකුණු 17කට කඩුලු 3ක් දවගන්නට සමත් විය. තරගයේ වීරයා ලෙසද සම්මානයද හිමි කර ගත්තේ Mitchell McClenaghan විසිනි.

නවසිලන්ත කණ්ඩායමේ Mitchell McClenaghan(දකුණේ ) ඕස්ට්‍රේලියානු පිතිකරු Mitchell Marsh දවාගැනීමෙන් අනතුරුව නවසිලන්ත ක්‍රීඩක Luke Ronchi (වමේ) සමගින්.
මේ වනවිටත් තරගාවලියේ අභියෝගාත්මක පළමු තරග දෙක ජයගනිමින්, අවසන් පුර්ව වටය සදහා තම ස්ථානය යම් තාක් දුරට සහතික කරගන්නට නවසීලන්තයට හැකිවී ඇති අතර මුලික වටය යටතේ මීලගට ඔවුන් පකිස්ථානය සහ බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතයි.
නවසිලන්ත තරගයේ පරාජයත් සමගින් තරගාවලිය තුල මීළඟ තරග කීපය ජයගැනීම ඕස්ට්‍රේලියාවට තරගාවලිය තුල ඉදිරියට යෑමට ප්‍රධාන සාධකයක් බවට පත් වනු ඇති අතර එළබෙන සදුදා ඕස්ට්‍රේලියාව බංගලාදේශය සමග තරග වැදීමට නියමිතයි.

