SKIP TO MAIN CONTENT

කුසල් ජනිත් සහ වනිදු ගේ වේගවත් ඉනිම් අපතේ හරිමින් පළමු 20-20 තරගයේ ජය කොදෙව්වන්ට

KJP & Wanidu's counterattack in vain as WI go 1-0 up
Source: SLC

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත 20-20 ජාත්‍යන්තර තරගාවලියේ ඊයේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවති පළමු තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කරගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 196 ක් ලබාගැනීමට ඔවුහු සමත් වූහ.

එහිදී කොදෙව් පිළ වෙනුවෙන් ආරම්භක පිතිකරු Lendl Simmons පන්දු 51 කදී නොදැවී ලකුණු 67 ක් රැස් කළ අතර Andre Russell ලකුණු 35 ක්ද නායක Kieron Pollard ලකුණු 34 ක්ද ලබා ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 197 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 171 කට දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වුහ.

එහිදී කුසල් ජනිත් පෙරේරා පන්දු 38 කදී වේගවත් ලකුණු 66 ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 3 ක් සහ හතරේ පහරවල් හයක් ඇතුළත් විය.

ඔහුට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වුයේ වනිදු හසරංග පමණි.

පන්දු 34 කදී ඔහු ලකුණු 44 ක් ලබාගැනීමට සමත් විය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් 20-20 තරගය හෙට දිනයේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now