පසුගිය දින වල නිමාවට පත්වූ ඉන්දියා – නවසීලන්ත, ශ‍්‍රී ලංකා – පාකිස්තාන සහ දකුණු අප‍්‍රිකා – බංගලාදේශ එක්දින තරගාවලි වලින් අනතුරුව ICC ආයතනය නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබේ.
එහිදී එක් දින කණ්ඩායම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 6386 ක් ලබා සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වී සිටින අතර ප්‍රසාද ලකුණු 6379 ලබා සිටින ඉන්දියාව දෙවනි ස්ථානයට පත්වී ඇත.
ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 5948 ලබා තුන්වන ස්ථානයේ පසුවෙයි.
එක් දින පිතිකරු ලයිස්තුවේ පෙරමුණ ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වී තිබේ.
ඔහු ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 889 ක් වන අතර එය මෙතෙක් එක් දින ශ්‍රේණිගත කිරීම් වලදී ඉන්දීය ක්‍රීඩකයෙකු විසින් ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව බවද වාර්තා වේ.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉන්දීය සුපරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ය.
ඔහු 1998 වසරේදී ICC එක් දින තරග පිතිකරු ලයිස්තුවේ ප්‍රසාද ලකුණු 887 ක් ලබා ගත්තේය.
දකුණු අප්‍රිකාවේ AB de Villiers ප්‍රසාද ලකුණු 872 ක් ලබා පිතිකරු ලැයිස්තුවේ 2 වන තැන සිටින විට ඔස්ට්‍රේලියාවේ David Warner ප්‍රසාද ලකුණු 865 ක ලබා තුන්ව ස්ථානයේ රැදී සිටියි.
එක් දින පන්දු යැවීමේ ප්‍රථමයා ලෙස පකිස්තානයේ හසන් අලී පත්ව ඇති අතර දකුණු අප්‍රිකාවේ Imran Tahir හා ඉන්දියාවේ Jasprit Bumrah පිළිවෙලින් දෙවනි හා තුන්වැනි තැන ලබා සිටියි.

