ඉන්දිරා ගාන්ධි සහ තමිල්නාඩුවේ MGR, කොටි සංවිධානයට ආයුධ ගන්න සල්ලි දුන්නා. පුහුණව දුන්නා. : KP ඉන්දීය World is One News වෙත හෙළි කරයි.

Sri Lanka Politics

Source: SBS

එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලා සිටි බව එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායකයකු වන කුමාරන් පද්මනාදන් ප්‍රකාශ කරයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයකු සහ එම සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කළ කේ.පි නොහොත් කුමාරන් පද්මනාදන් ඒ බව සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ World is One News පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එල්.ටී.ටී.ඊ සංවිධානයට උපකාර කරන්නැයි ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝ සංවිධානයෙන් ඉල්ලූ බව එම සම්මුඛ සාකච්ඡාවේදී අනාවරණය කරන කේ.පී තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්.ජී.ආර් ලෙසින් ජනප්‍රිය වූ මරුදූර් ගෝපලන් රාමචන්ද්‍රන් එල්.ටී.ටී.ඊ සංවිධානයට අවි ආයුධ මිලට ගැනීම සඳහා මුදල් සැපයූ බව ද සඳහන් කර ඇත.

එලෙස තමිල්නාඩුවෙන් ලැබුණු මුදලින් ලෙබනනය ඇතුළු රටවල් ගණනාවකින් අවි ආයුධ මිලදී ගැනීමට තම සංවිධානය එවකට කටයුතු කළ බවත් එම අවි ආයුධ දකුණු ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ගෙන්වූ බවත්, ඔහු එහිදී පැවසුවේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ එම සංවිධානයේ නායකයා ලෙසින් ද හැඳින්වූ කේ.පි. ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතනය සම්බන්ධයෙන්ද ඉන්දියාවට අවශ්‍යව සිටි තැතැන්තෙකි.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now