පළමු පෙළ ක්‍රිකට් දිවියෙන් සමුගන්නා සංගක්කාර

Sri Lanka cricketer Kumar Sangakkara

Sri Lanka great Kumar Sangakkara has fallen 16 runs short of a sixth successive first-class century. (AAP) Source: EMPICS Sport

මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, පළමු පෙළ ක්‍රීඩා දිවියෙන් සමුගන්නා  බව පසුගියදා නිවේදනය කළේය. ටෙස්ට් තරග 134කදී ලකණු 12400ක් වාර්තා කර ඇති කුමාර් සංගක්කාර, පළමු පෙළ තරග 260කදී ලකණු 20911ක් වාර්තා කරන්නට සමත් වී තිබේ.

 

දැනට 39 හැවිරිදි වියේ පසුවන සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී සරේ  ප්‍රාන්තය වෙනුවෙන් සුපිරි දස්කම් දක්වමින්, තරග වාරය  තුල ලකුණු 1491ක් වාර්තා කලේ ශතක 8ක් සමගින්. මෙම සුපිරි දස්කම් සමගින් පළමු පෙළ තරග දිවියෙන් සමුගැනීමට මෙය නියම අවස්ථාව බව සංගක්කාර මාධ්‍ය සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබිණි. තමන් ක්‍රීඩා කල විලාශය පිලිබදව සහ තමන් ලගා  කරගත් සාර්ථකත්වය පිලිබදව තමන් සෑහීමට  පත්වන බවත් BBC මාධ්‍ය ජාලය  සමගින් සාකච්චාවකට එක වෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබිණි. ප්‍රමාද වී සමුගන්නවාට වඩා තරමක් වේලාසනින් සමුගැනීම යෝග්‍ය  බව තමන් විශ්වාශ කරන බවද මෙහිදී සංගක්කාර ප්‍රකාශ කර තිබිණි.  එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය තුල සරේ ප්‍රාන්තයට අමතරව Durham සහ Warwickshire කණ්ඩායම්ද නියෝජනය කර ඇති සංගක්කාර ඔහුගේ අවසන් පළමු පෙළ ක්‍රිකට් තරගවාරය තුල දැක්වූ දස්කම් සුවිශේෂී බව සදහන් කල යුතුයි.

 

 

ජාත්‍යන්තර තරග පිටියේ ටෙස්ට්, එක් දින සහ 20 -20 තරගවලදී ලකුණු 28,016ක් රැස්  කරන්නට සංගක්කාර සමත් වී ඇති අතර ඔහු දෙවැනි වන්නේ ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් ට පමණි. සචින් ජාත්‍යන්තර තරග පිටියේ වාර්තා කර ඇති ලකුණු ප්‍රමාණය ලකුණු 34,357ක්. එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් පිටිය තුල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා වන්නේද කුමාර් සංගක්කාරයි.

 

2015 වසරේදී කුමාර් සංගක්කාර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත් අතර, මේ වසරේ ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග දිවියෙන් සමුගත්තද එළබෙන වසර තුලදී තව දුරටත් විස්සයි විස්ස ලීග්  තරග සදහා ක්‍රීඩා කරන බව වාර්තා වෙයි.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now