SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

Kusal Mendis closes to a new World Record
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05/07)  අලුයම පානදුර ප්‍රදේශයේදී ඔහු විසින් පදවන ලද ජීප් රථයේ හැපී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

මිය ගොස් අති පුද්ගලයා පානදුර ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 64ක පුද්ගලයෙකි.

අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ කුසල් මෙන්ඩිස් බීමතින් සිටියද නැතිද යන්න පිළිබඳ මේ වන විට පරීක්ෂණ සිදු කරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් වූ විට ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් පොලීසිය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now