SKIP TO MAIN CONTENT

ජයග්‍රහණයට ශ්‍රී ලංකාව තවත් ලකුණු 218 ක් පිටුපසින්.

SL vs Zim
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන ප්‍රථම හා එකම ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ (17/07) නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 170 ක් ලබාගෙන සිටියි.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර සිය පළමු ඉනිම සඳහා ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 356 ක් රැස් කළ අතර දෙවන ඉනිම සඳහා ලකුණු 377 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකණු 346 ක් රැස් කරගත්තේය.

ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් උපුල් තරංග ලකුණු 71 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 55 ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41ක්ද අසේල ගුණරත්න ලකුණු 45 ක් ද  ලබා ගත්තේය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 60 ක් ලබා සිටින අතර දිමුත් කරුණාරත්න ලකුණු 49ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයෙන් ජයගැනීමට තවත් ලකුණු 218 ක් ලබාගැනීමට අවශ්‍යව ඇත.

අද (18/07) තරගයේ අවසානා දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now