සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (04/04) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවති ප්‍රථම 20-20 තරගයෙන් කඩුලු 6 ක ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දු වාර 20 ඇතුළත කඩුලු 6 කට ලකුණු 155 ක් රැස් කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 කදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 158 ක් ලබා ජය සනිටුහන් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 77 ක්ද නායක උපුල් තරංග ලකුණු 24 ක්ද සීකුගේ ප්‍රසන්න නොදැවී ලකුණු 22ක් ද ලබා ගත්තෝය.
තරගයේ වීරයා සම්මානය කුසල් ජනිත් පෙරේරා හට හිමි විය.

