ඔස්ට්‍රේලියාවේ La Niña තත්ත්වයත් සමග අධිකව පැතිරෙන hay fever සහ COVID අතර ඇති වෙනස හඳුනාගමු

Hay fever සහ COVID රෝග ලක්ෂණ අතර සමාන රෝග ලක්ෂණ ඇති නමුත් ඒවා අතර වෙනස දැන ගැනීම වැදගත් බව සිඩ්නි නුවර පවුලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන Jason Yu පවසයි.

woman has running nose

Health experts say knowing the difference between hay fever and COVID is important during a pollen season. Credit: PonyWang/Getty Images

ඔස්ට්‍රේලියාවේ මේ එළඹී ඇත්තේ වසන්ත කාලයයි.

වසන්ත කාලය එළඹීමත් සමග Hay fever රෝගය බොහෝ දෙනෙකු හට වැළඳෙයි.

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුවට අනුව, COVID සහ Hay fever අතර ඇති පොදු රෝග ලක්ෂණ ලෙස කැස්ස, කිවිසුම් යාම, නාසයෙන් දියර ගැලීම, උගුරේ අමාරුව, තෙහෙට්ටුව හෝ දුර්වල බව දැනීම, හිසරදය සහ රසය හෝ සුවඳ නැතිවීම හැඳින්වේ

වැළදී ඇත්තේ COVID හෝ hay fever යන්න දැනගන්නේ කෙසේද?

Hay fever සහ COVID රෝග ලක්ෂණ අතර සමාන රෝග ලක්ෂණ ඇති නමුත් ඒවා අතර වෙනස දැන ගැනීම වැදගත් බව සිඩ්නි නුවර පවුලේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන Jason Yu පවසයි.

Hay fever යන නාමයෙන් ඇඟවෙන්නේ කුමක් වුවත්, hay fever මගින් උණ ඇති නොවන අතර එය වැළදීමෙන් සාමාන්‍යයෙන් මාංශ පේශි සහ සිරුරේ වේදනාව හට නොගන්නා බව වෛද්‍ය Jason Yu පැහැදිලි කරයි.

Hay fever සමඟ උගුරේ ඇති වන අපහසුතාව සාමාන්‍ය උගුරේ වේදනාවට වඩා දරුණු බව ද ඔහු සඳහන් කරයි.

Hay fever සඳහා පහත රෝග ලක්ෂණ ද ඇතුළත් විය හැකිය:
  • නින්දට බාධා ඇතිවීම
  • දිවා කාලයේ වෙහෙස දැනීම
  • අවධානය යොමු කිරීමේ අපහසුතාව
  • නිතර ඇතිවන හිසරදය
  • නැවත නැවතත් උගුරේ අමාරුව ඇතිවීම
  • උගුර බැරැන්ඩි වීම
  • මුහුණේ වේදනාව හෝ පීඩනයක් ඇතිවීම
  • සුවඳ දැනීම අඩු වීම
  • වැඩිහිටියන් හට නිතර නිතර සයිනස් ආසාදන ඇතිවීම
  • ළමුන් තුළ යළි යළිත් කන්වල ආසාදන ඇතිවීම
Jason Retouched.jpeg
Dr Jason Yu suffers from moderate hay fever himself, and knows the struggles of the condition all to well Credit: Jason Yu
තමන්ගේ රෝග ලක්ෂණ වර්ධනය වන ආකාරය නිරීක්ෂණය කරන ලෙස වෛද්‍ය Jason Yu ජනතාවට උපදෙස් දෙයි.

"Hay fever ටිකක් නිදන්ගත රෝගයක්. ඒ නිසා එය මතුවෙනවා, යළි යට යනවා." යනුවෙන් ඔහු පවසයි.

නමුත් ඔබේ රෝග ලක්ෂණ ක්‍රමානුකූලව අයහපත් අතට හැරේ නම්, ඔබ COVID සඳහා පරීක්‍ෂා කිරීමකට යොමුවිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

නිවැසියන්ට රජයේ අරමුදල් සපයන health direct වෙබ් අඩවියේ online checker භාවිතයෙන් ඔවුන්ගේ රෝග ලක්ෂණ පරීක්ෂා කළ හැකිය.
coronavirus-covid-19-identifying-the-symptoms_0.jpg
The difference between COVID-19, flu, cold and allergy symptoms. Credit: Department of Health

Hay fever සහ antihistamines

Hay fever සහ hives, conjunctivitis සහ eczema වැනි අනෙකුත් අසාත්මිකතා සඳහා සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරනු ලබන්නේ antihistamine භාවිතා කරමිනි.

Hay fever නිසා නාසය අවහිර වීම ඇතුළු සියලුම අසාත්මිකතාවන් සඳහා antihistamine ක්‍රියා නොකරන බව වෛද්‍ය Yu පවසයි.

Hay fever නිසා නාසය දැඩි ලෙස අවහිර වී ඇති පුද්ගලයින් නිසි ප්‍රතිකාර ලබා ගත යුතු අතර, එම තත්ත්වය හේතුවෙන් තම දරුවා මුඛයෙන් හුස්ම ගන්නේ නම් දෙමාපියන් වහාම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතු බව ඔහු පවසයි.

එය මුහුණේ විකෘතිතාවයට හේතු විය හැකි අතර, ඔබ ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත්, වැඩිවිය පැමිණීමට පෙර, එම විකෘතිතා ස්ථිර විය හැකි බවද වෛද්‍ය Yu තවදුරටත් පවසයි.

La Niña හේතුවෙන් වැඩි පරාග

ඔස්ට්‍රේලියාවේදී අඛණ්ඩව තුන්වන වරටත් La Niña ක්‍රියාවලිය සිදුවන බව ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම කාලගුණ සංසිද්ධිය, සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාවක් ඇති කිරීමට ඉඩ ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස පරාග අධික ලෙස නිෂ්පාදනය වේ.

Thunderstorm asthma හෙවත් අකුණු කුණාටු අඩුම පිළිබඳවද අවධානයෙන් සිටින ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ ඔස්ට්‍රේලියානුවාසීන්ට උපදෙස් දෙති.

එය වාතයේ ඇති ඉහළ පරාග මට්ටම්වල අද්විතීය සංයෝජනයක් සහ යම් ගිගුරුම් සහිත කාලගුණයක් නිසා ඇතිවේ.
මුව ආවරණයක් පැළඳීම මෙම අධික පරාග සමයේදී ආසාත්මිකතාවලින් මිදීමේ ඵලදායී ක්‍රමයක් විය හැකි බව වෛද්‍ය Yu පවසයි.

COVID සහ hay fever යන රෝග දෙකෙන්ම ඔබට ආරක්ෂාවක් සැපයීමට මුව ආවරණ පැළඳීම ඉවහල් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මධ්‍යස්ථ සහ දරුණු hay fever රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට අසාත්මිකතා පරීක්ෂණයක් කර ප්‍රතිකාර ලබා ගැනීමට සහ අසාත්මිකතා වළක්වා ගන්නා ලෙස ඔහු උපදෙස් දෙයි

Share

Published

By Yumi Oba, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ La Niña තත්ත්වයත් සමග අධිකව පැතිරෙන hay fever සහ COVID අතර ඇති වෙනස හඳුනාගමු | SBS Sinhala