නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Eden-Monaro අතුරු මැතිවරණයෙන් කම්කරු පක්ෂයට පහසු ජයක්

Leader of the Opposition Anthony Albanese and Labor candidate for Eden-Monaro Kristy McBain.

Leader of the Opposition Anthony Albanese and Labor candidate for Eden-Monaro Kristy McBain. Source: AAP

පසුගිය සෙනසුරාදා (04/07) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Eden-Monaro මැතිවරණ බල ප්‍රදේශය සඳහා පැවැත්වුණු අතුරු මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගත්තේය.

එහිදී කම්කරු පක්ෂයට නායකත්වය දුන් Kristy McBain, තම ප්‍රතිවාදියා වූ ලිබරල් පක්ෂයේ  Fiona Kotvojs ට වඩා ඡන්ද 1000 කින් පමණ ඉදිරියෙන් සිටිමින් මෙම ජයග්‍රහණය වාර්තා කළාය.

ඔවුන් දෙදෙනා හැරුනුකොට මෙම අතුරු මැතිවරණය සඳහා තවත් අපේක්ෂකයින් 12 දෙනෙකු තරග වැදුනෝය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ට හා Eden-Monaro මැතිවරණ බල ප්‍රදේශය ට පසුගිය සමයේදී මුහුණ දීමට සිදුවූ ලැව් ගිනි, නියඟය සහ මේ දිනවල මුහුණ දෙමින් සිටින කොරෝනා වසංගතය යන සාධක මෙම අතුරු මැතිවරණයේදී ප්‍රබල ලෙස බලපෑ බව සඳහන්.

මීට පෙර මෙම ආසනය හිමිකරගෙන තිබුණේ කම්කරු පක්ෂයේ Mike Kelly වන අතර සෞඛ්‍ය හේතුන් මත ඔහු දේශපාලනයෙන් සමුගැනීම නිසා Eden-Monaro මැතිවරණ බල ප්‍රදේශය ට මෙම අතුරු මැතිවරණය පැවැත්විණි.

කොරෝනා වසංගතය අතරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වූ පළමු මැතිවරණය ලෙස ද මෙය සඳහන් වන අතර මෙහි ජයග්‍රහණයත් සමග කම්කරු පක්ෂයේ  Kristy McBain ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත.

මෙම අතුරු මැතිවරණය හරහා පවතින ලිබරල් සන්ධාන රජයට ජනතාව පණිවිඩයක් ලබා දී ඇති බව කම්කරු පක්ෂයේ නායක Anthony Albanese පැවසුවේය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Eden-Monaro අතුරු මැතිවරණයෙන් කම්කරු පක්ෂයට පහසු ජයක් | SBS Sinhala