SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Eden-Monaro අතුරු මැතිවරණයෙන් කම්කරු පක්ෂයට පහසු ජයක්

Leader of the Opposition Anthony Albanese and Labor candidate for Eden-Monaro Kristy McBain.
Leader of the Opposition Anthony Albanese and Labor candidate for Eden-Monaro Kristy McBain. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය සෙනසුරාදා (04/07) නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Eden-Monaro මැතිවරණ බල ප්‍රදේශය සඳහා පැවැත්වුණු අතුරු මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගත්තේය.

එහිදී කම්කරු පක්ෂයට නායකත්වය දුන් Kristy McBain, තම ප්‍රතිවාදියා වූ ලිබරල් පක්ෂයේ  Fiona Kotvojs ට වඩා ඡන්ද 1000 කින් පමණ ඉදිරියෙන් සිටිමින් මෙම ජයග්‍රහණය වාර්තා කළාය.

ඔවුන් දෙදෙනා හැරුනුකොට මෙම අතුරු මැතිවරණය සඳහා තවත් අපේක්ෂකයින් 12 දෙනෙකු තරග වැදුනෝය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ට හා Eden-Monaro මැතිවරණ බල ප්‍රදේශය ට පසුගිය සමයේදී මුහුණ දීමට සිදුවූ ලැව් ගිනි, නියඟය සහ මේ දිනවල මුහුණ දෙමින් සිටින කොරෝනා වසංගතය යන සාධක මෙම අතුරු මැතිවරණයේදී ප්‍රබල ලෙස බලපෑ බව සඳහන්.

මීට පෙර මෙම ආසනය හිමිකරගෙන තිබුණේ කම්කරු පක්ෂයේ Mike Kelly වන අතර සෞඛ්‍ය හේතුන් මත ඔහු දේශපාලනයෙන් සමුගැනීම නිසා Eden-Monaro මැතිවරණ බල ප්‍රදේශය ට මෙම අතුරු මැතිවරණය පැවැත්විණි.

කොරෝනා වසංගතය අතරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වූ පළමු මැතිවරණය ලෙස ද මෙය සඳහන් වන අතර මෙහි ජයග්‍රහණයත් සමග කම්කරු පක්ෂයේ  Kristy McBain ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වනු ඇත.

මෙම අතුරු මැතිවරණය හරහා පවතින ලිබරල් සන්ධාන රජයට ජනතාව පණිවිඩයක් ලබා දී ඇති බව කම්කරු පක්ෂයේ නායක Anthony Albanese පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now