SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ගොඩනැගිලි ඉදිකිරීමට භාවිතා කරන ඉක්මණින් දැවෙන සුළු ප්ලාස්ටික් ආවරණ ආනයනය තහනම් කිරීමට රජයට බලපෑම්.

flammable cladding banned
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ගොඩනැගිලි ඉදිකිරීම්දී භාවිතා කරන ඉක්මණින් දැවෙන සුළු ප්ලාස්ටික් ආවරණ හෙවත් claddings ආනයනය කිරීම ඉදිරි කම්කරු පක්ෂ රජයක් යටතේ තහනම් කරන බව කම්කරු පක්ෂය පවසයි.

ගොඩනැගිලි සඳහා යොදාගන්නා ඉක්මණින් දැවෙන සුළු පොලිතීන් ආවරණ ආනයනය හැකිනම් තහනම් කරන ලෙස විපක්ෂ නායක බිල් ශෝටන් ටර්න්බුල් රජයට අභියෝග කරයි.

කෙසේවෙතත්, ජාතික ඉදිකිරීම් ප්‍රමිතීන්ට අනුව ඔස්ට්‍රේලියාවේ ඉදිකෙරෙන සහ ඉදි කළ අධික උස ගොඩනැගිලි විගණනය කරන මෙන් අගමැති ටර්න්බුල් සියලු ප්‍රාන්ත හා ටෙරිටරි ප්‍රධානීන්ට සහ රජයේ දෙපාර්තමේන්තු වලට උපදෙස් ලබා දී ඇත.

නමුත්, ගොඩනැගිලි සඳහා යොදාගන්නා ඉක්මණින් දැවෙන සුළු පොලිතීන් ආවරණ ආනයනය තහනම් කිරීමට මීට පෙර ඔස්ට්‍රේලියානු රජය ප්‍රතික්ෂේප කර තිබුණි.

පුද්ගලයින් 80 කට පමණ මාරු කැඳවමින් පසුගියදා ලන්ඩන් නුවර Grenfell  ගොඩනැගිල්ලේ ගිනි ගැනීමට හේතුව වුයේද ඉක්මණින් දැවෙන සුළු පොලිතීන් ආවරණ බව පසුව අනාවරණය විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now