SKIP TO MAIN CONTENT

චීනයේ නව සේද මාවතට කම්කරු පක්ෂයෙන් කොළ එළියක්.

China NEW SILK ROAD
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

චීනයේ නව සේද මාවත ව්‍යාපෘතියට සහය පළ කිරීමට කම්කරු පක්ෂය කැමැත්ත පළ කර තිබේ.

One Belt One Road යන නමින් ආසියාව, අප්‍රිකාව, අග්නිදිග ආසියාව, මැද පෙරදිග සහ යුරෝපය යා කරමින් දිව යන මෙම නව සේද මාවත ඔස්සේ කාලය හා මුදල් ඉතිරි කරගනිමින් ඵලදායී වෙළඳාම් සිදු කිරීම මෙහි අරමුණ වේ.

මේ වන විටත්  රටවල් 68 ක් සිය කැමැත්ත පළ කරමින් මේ සඳහා අත්සන් කර ඇති අතර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තවමත් එයට අත්සන් තබා නොමැත.

දෙරටම ඊට තවමත් අත්සන් නොතැබීමට හේතුව ආරක්ෂක හේතු න් බවද පැවසේ.

අද (29/09) මධ්‍යහනයේ ආරම්භ වීමට නියමිත සිඩ්නි හි ආසියා සංගමයේ විශේෂ කතාවකදී විපක්ෂයේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ නියෝජිත Chris Bowen මේ සඳහා කම්කරු පක්ෂයේ කැමැත්ත පළ කිරීමට සූදනමින් සිටින බව වාර්තා වේ.

කම්කරු පක්ෂය ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් මෙම කරුණ සම්බන්ධව විවෘත මනසකින් බලන බවද ඔහු ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now